අයහපත් කාළගුණය පහව යයි. 20 – 20 තරගාවලියේ තරග කාලසටහන නිකුත් කරයි

[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය නැවතත් හෙට දිනයේ සිට ආරම්භ කිරීනට තරග සංවිධායකයන් තීරණය කොට ඇත.


පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය 28 වනදා වන අතර දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව තරගාවලිය කල් දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. කෙසේ නමුත් මේ වන වනවිට දිවයින පුරා තරමක් දුරට යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් හා  ඉදිරි දින කිහිපය තුළ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තාන් තරග සංචාර නිරත වීමට සිදුවීම හේතුවෙන්  මෙලෙස තරගාවලිය හෙට ආරම්භ කිරීමට තරග සංවිධායකයෝ තීරණය කොට ඇත.මේ අනුව කණ්ඩායම් හතක සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අතර  A හා B ලෙස කාණ්ඩ දෙකකට බෙදා කණ්ඩායම් තරඟ කරන අතර එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.කාණ්ඩයන්

A කාණ්ඩය – LB ෆිනෑන්ස්, MAS යුනිචෙලා, හේලීස්, ජෝන් කීල්ස් 

B කාණ්ඩය – ඩීමෝ, සම්පත් බැංකුව, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම.

තරග කාලසටහන –

දෙසැම්බර් 3 

ඩීමෝ හා සම්පත් බැංකු කණ්ඩායම – එස්. එස්. සී (උදෑසන)

MAS යුනිචෙලා හා හේලීස් කණ්ඩායම  – එස්. එස්. සී (සවස)

LB ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් – වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)

දෙසැම්බර් 4 

MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස් කණ්ඩායම  – එස්. එස්. සී (උදෑසන)

LB ෆිනෑන්ස් සහ හේලීස්  කණ්ඩායම – එස්. එස්. සී (සවස)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකුව –  වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)

දෙසැම්බර් 5

ජෝන් කීල්ස් සහ හේලීස් කණ්ඩායම  – වෙළඳසේවා ක්‍රිකට් පිටිය (උදෑසන)

LB ෆිනෑන්ස් සහ MAS යුනිචෙලා කණ්ඩායම  – කෝල්ට්ස් (උදෑසන)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම  – කෝල්ට්ස් (සවස)

දෙසැම්බර් 6 –

පළමු අවසන් පූර්ව තරගය – වෙළඳසේවා ක්‍රිකට් පිටිය

දෙවන අවසන් පූර්ව තරගය – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටිය

දෙසැම්බර් 7 –

අවසන් මහා තරගය – වෙළඳසේවා ක්‍රිකට් පිටියේදී

– චානක මධුසාගර –

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top