[vc_row][vc_column][vc_column_text]
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට ඇත. ඒ මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන් සම්බන්ධයෙනුයි. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුව නිකුත් කළ කාලසටහන අනුව අවසන් මහා තරගයට අදාළව පමණක් අතිරේක දිනයක් වෙන්කොට තිබුණි.
නමුත් තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ඉන්දු පාකිස්තාන තරගයට අතිරේක දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය කටයුතු කළහ. ඉන්දීය හා පාකිස්තාන කණ්ඩායම අතර තරගයට අතිරේක දිනයක් වෙන් කළේ අනිකුත් ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළහ. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග මෙලෙසින් විවේචනයක් එල්ල කොට ඇත.
” ICC එක කියන්නෙ දත් නැති කොටියෙක් වගේ. ඔවුන් හැසිරෙන්නේ වෘත්තීයභාවයෙන් තොරවයි. ඔවුන් තමයි ක්‍රිකට් ආරක්ෂා කරන්න ඕන. ක්‍රිකට් පාලනය කරන්න ඕන ICC එක මිසක් රටක් නෙවේ. ආසියානු කුසලාන තරගාවලිය තුළ නීති රීති තියෙනව. ඒත් එක් තරගයක් වෙනුවෙන් නීති රීති වෙනස් කළා. ඉතින් කෝ ACC එක. කෝ ICC එක.”
” ලෝක කුසලානයේත් ඉන්දු පාකිස්තාන තරගයට වෙනම නීති රීති ගෙනාවොත් මම පුදුම් වෙන්නෑ. ඒක හරි නරකයි. ඉන්දියාව බලවත් ඒක ගැන විවාදයක් නෑ. එක් කණ්ඩායමක් වෙනුවෙන් නීති වෙනස් කරන තරගාවලියක් මට ගැලපෙන්නෑ. මේක අනාගතයේ දී ලොකු විපතක් වෙයි. ACC හා ICC ගැන මට හරි දුකයි. ඔවුන් මේවට කතා නොකරන්නේ ඔවුන්ට තනතුරු වල රැදෙන්න ඕන නිසා. ඒ වගේම පරණ ක්‍රීඩකයොත් සල්ලි නිසා මේවට කට අරින්නෙ නෑ “[/vc_column_text][/vc_column][/vc_row]