අසේල, තිසර හා ඇන්ජෙලෝගේ දස්කම් Manipal Tigers කණ්ඩායම ශූරතාවය කරා රැගෙන යයි

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ දිනයේදී පැවැත්වුණි. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් මනිපාල් ටයිගර්ස් කණ්ඩායමයි. තරඟේ කාසිය වාසිය දිනූ මනිපාල් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ.

ඒ ආරාධනය පිටියට පිවිසෙන හයිඩ්‍රාබාද් කණ්ඩායම විවිධ පන්දුව අර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 187ක් රැස් කළහ. එහිදී රිකී ක්ලාක් පන්දු52කදී හතරේ පහර හයක් හා හයේ පහර හතරක් සමගින් ලකුණු 80ක් නොදැවී රැස් කළේය. ඔහුට අගනා සහයක් ලබා දුන් ගුර්කීරට් සිං පන්දු 36කදී ලකුණු 64ක් රැස්කළේය. පන්දු යැවීමේදී පංකජ් සිං කඩුලු 2 හා තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන මනිපාල් ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර දහනමයක් අවසානයේදී කඩුලු පහක් පමණක් දැවී තරඟය ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් විය. එහිදී ආරම්භක පිතිකර රොබින් උතප්පා ලකුණු 40ක් ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ඇන්ජලෝ පෙරේරා ලකුණු තිහක් හා තිසර පෙරේරා ලකුණු 25ක් රැස් කිරීමට සමත් විය. මනිපාල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න පන්දු විසිනමයක් තුල හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු පනස් එකක් රැස් කළේය. මෙම තරඟයේ වීරයා ලෙසින් අසේල ගුණරත්න සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරායි.

Back To Top