ඇන්ජලෝ, දසුන් ශානක T10 පළමු දිනයේ දස්කම් පෙන්වති

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”33196,33197″][vc_column_text]අබුඩාබි T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර අද දින අබුඩාබිහිදී ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ අද දින ආරම්භ විය.

අද දින තරඟාවලිය ආරම්භ කරමින් තරඟ තුනක් පැවැත්විනු අතර එම තරඟ වලින් නෝතන් වොරියර්ස්, දිල්ලි බුල්ස්, යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

මාරතා අරාබියන්ස් vs නෝතන් වොරියර්ස්

දිනයේ පළමු තරඟය ලෙස පැවති මෙම තරඟයේ කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට නෝදන් වොරියර්ස් කණ්ඩායම සමත් විය.

ඩැරන් සමී මාරතා අරබියන්ස් කණ්ඩායමේ නායකත්වය දරන අතර ඩ්වේන් බ්‍රාවෝ නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය දරනුලැබීය.

කාසියේ වාසිය දිනාගත් නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර එම ආරාධනයපිලිගත් අරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 88ක් රැස් කලේය.

ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානක පන්දු 19ක දී වේගවත් ලකුණු 37ක් රැස් කරමින් ඉනිමට ජවය එක් කලේය.

කණ්ඩායමේ අනෙක් ශ්‍රී ලාංකික නියෝජනය වූ වනිදු හසරංගට පිත්තෙන් සාර්ථක වීමට ඉඩ ලැබුනේ නැත.

නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 90ක ඉලක්කය හඹා ගිය නෝදන් වොරියර්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ඉතා පහසුවෙන් පන්දුවාර 3ක් ඉතිරිව තිබියදීඉලක්කය හඹා යෑමට සමත් විය.

එහිදී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍රේ රසල් පන්දු 24කදී ලකුණු 58ක් රැස් කලේ දැවැන්ත හයේ පහරවල්හයක්ද සමගිනි.

පන්දු යැවීමේදී සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට සාර්ථක වීමට ඉඩ ලැබුනේ නැත.

පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ට තුන් ඉරියව් දස්කම් දැක්වූ ඇන්ඩ්‍රේ රසල් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

දිල්ලි බුල්ස් vs ඩෙකෑන් ග්ලැඩියේටර්ස්

මෙම තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් දිල්ලි බුල්ස් කණ්ඩායමට හිමි විය.

දිනයේ දෙවන තරඟය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි බුල්ස් කණ්ඩායමේ නායක ඔයින් මෝගන්ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.

ආරාධනය පිලිගත් ඩෙකෑන් ග්ලෑඩියටර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහමඩ් ශෙසාඩ් ලකුණු 11කට දැවී ගියේ සාර්ථක පන්දු යැවීමක නිරත වූදුශ්මන්ත චමීරගේ පන්දුවකට කුසල් පෙරේරා හට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව පිටියේ එක් වුනු නායක ශේන් වොට්සන්, සහ ඇන්ටන් ඩෙවිච් ඉනිම අවසාන වෙන තෙක්ම නොදැවිඔ ලකුණු රැස් කල අතරඉනිමේ මුලු ලකුණු ප්‍රමාණය ලකුණු 102ක් දක්වා ඔසවා තැබීමට සමත් විය.

ලකුණු හඹා යෑමේ කාර්‍යයේ නිරත වූ දිල්ලි බුල්ස් කණ්ඩායම පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් අතැතිව තරඟය අවසන් කිරීමට සමත්විය.

ලකුණු 29/3 කට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී පිටියේ එක් වුනු පරිණත ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ ඔයින් මෝගන් පන්දු 39කදීලකුණු 78ක අගනා සබඳතාවයක් ගොඩ නගමින් කණ්ඩායම ජය මාවත කරා රැගෙන යාමට සමත් විය.

පන්දු 27ක දී ලකුණු 52ක් රැස් කල ඔයින් මෝගන් කණ්ඩායමේ ජය මාවත විවර කල අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඇන්ජලෝමැතිව්ස් පන්දු 13කදී ලකුණු 22ක් රැස් කලේය.

ඔයින් මෝගන් තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ක්වැල්නඩර්ස් vs ටීම් අබුඩාබි

තරඟාවලියේ පළමු දිනයේම තරඟාවලියේ උණුසුම වැඩි කරමින් දිනයේ තරඟය ලකුණු සමවී මෙම තරඟය අවසන් විය.

ඉතා උණුසුම් තරඟයක් වූ මෙම තරඟයේ ක්වැල්නඩර්ස් කණ්ඩායමේ නායක ඩේවිඩ් මාලන් කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්පන්දු යවන ලද අතර ටීම් අබුඩාබි කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේ ලකුණු 103ක් රැස් කිරීමට සමත් විය.

ඉනිමට ජවය එක් කල කොරේ ඇන්ඩරාන් ලකුණු 43ක් රැස් කල අතර නිරෝශන් දික්වැල්ල පන්දු 7කදී ලකුණු 17ක් රැස් කලේය.

පන්දු යැවීමෙදී සීක්කුගේ ප්‍රසන්න, ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගෙන සිය දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නේය.

ලකුණු හඹා යෑම ආරම්භ කල ක්වැල්නඩර්ස් කණ්ඩායම

දහවන පන්දුවාරයේදී ලකුණු හඹා යෑම සම්පූර්ණ කිරීමට මාන බැලුවද තරඟාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරිම කණ්ඩායම් දෙකමඅසමත් විය.

තරඟයේ ජයග්‍රහණයට අවසාන පන්දුවේදී ලකුණු දෙකක් රැස් කිරීමට පැවති අතර සීක්කුගේ ප්‍රසන්නට එය සිදු කිරීමට අපොහොසත් විය.

තරඟයේ ප්‍රසාද ලකුණු සම සමව කණ්ඩායම් දෙකම බෙදාගන්නා ලදි.

තරඟයේ වීරයා සම්මානය ඩේවිඩ් මාලන් දිනාගත්තේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top