ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත.

ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ලහිරු උදාරද කැදවා ඇත. ඔහු ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇත්තේ පළමු වරටයි. නිශාන් මධුෂ්ක, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී ඇත.

දඟ පන්දු යවන්නන් ලෙසින් ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් පමණක් සංචිතයට ඇතුළත් වද්දී වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, චාමික ගුණසේකර හා මිලාන් රත්නායක සංචිතයට ඇතුළත් වී ඇත. මිලාන් හා චාමිකද ශ්‍රී ලංකා සංචිතයට කැදවීම් ලැබුවේ පළමු වරටයි. දෙරට අතර පළමු සහ එකම ටෙස්ට් තරඟය පෙබරවාරි මස 2-6 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ධනංජය සිල්වා
කුසල් මෙන්ඩිස්
දිමුත් කරුණාරත්න
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
නිශාන් මධුෂ්ක
කමිදු මෙන්ඩිස්
ලහිරු උදාර
ප්‍රභාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
රමේෂ් මෙන්ඩිස්
චාමික ගුණසේකර
මිලාන් රත්නායක

Back To Top