[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ පැවැත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 89 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා. ඒ අනුව ඔවුන් ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වුණා.
මෙම ජයග්රහණයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම සුපිරි කණ්ඩායම් හතර වටයට සුදුසුකම් ලැබීමට වැඩි හැකියාවක් උදාකර ගත්තා. ඒ අනුව බී කාණ්ඩයෙන් සුදුසුකම් ලබන මීළඟ කණ්ඩායම, ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තීරණය මත රදා පවතිනු ඇත.
එම තරගය තරඟය ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කළහොත් ශ්රී ලංකාව හා බංග්ලාදේශය බී කාණ්ඩය යටතේ අවසන් කණ්ඩායම් හතරට ඇතුළත් වනු ඇත. නමුත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් ශ්රී ලංකාවට එරෙහි තරගය විශිෂ්ට අන්දමින් ජයග්රහණය කළ යුතුය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් කණ්ඩායම් අතර අතරට එක් වීමට නම් ශ්රී ලංකාවට එරෙහි තරඟයේ දී පළමුව පන්දුවට පහර දී ලකුණු 70 කින් ජය ගැනීම හෝ පන්දුවාර තිස් හයක් තුළ දී හඹා යාම සිදු කළ යුතුය. නමුත් ශ්රී ලංකාව සුළු පරතරයකින් පරාජය වුවහොත් ඔවුන් බංග්ලාදේශයට වඩා දළ ලකුණු වේගය අනුව ඉහළින් සිටින නමුත් ඇෆ්ගනිස්ථානයට බංග්ලාදේශයේ දළ ලකුණු වේගය අභිබවා යා නොහැක යා නොහැක. ඇෆ්ගනිස්ථානය ඉහත සඳහන් කළ අන්දමින් ජයග්රහණය කළහොත්, ඔවුන්ගෙ දළ ලකුණු වේගය බංග්ලාදේශයේ දළ ලකුණු වේගය ට වඩා ඉහළින් යා හැකි නමුත් ශ්රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය බංග්ලාදේශයට වඩා පහළට යනු ඇත. ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාව යන කණ්ඩායම් දෙකටම බංග්ලාදේශයට වඩා වැඩි දල ලකුණු වේගයකින් තරඟාවලිය අවසන් කිරීමට හැකියාවක් නොමැත.[/vc_column_text][/vc_column][/vc_row]