ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනි

බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. ඊයේ පැවති තුන්වැනි එක්දින තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්.

සාජා හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව, ඔවුන් පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. මොහොමඩ් මහ්මදුල්ලා ලකුණු 98 ක් ලබා ගත් අතර, මෙහෙදි හසන් ලකුණු 66 යි. පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර් සායි කඩුලු 4 යි. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය, පන්දුවාර 48 යි පන්දු 2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. තම එක්දින ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කළ රහ්මනුල්ලා ගුරු බාස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 101 ක්. ‍අස්මතුල්ලා ඔමර් සායි නොදැවී ලකුණු 70 යි.

Back To Top