ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙක් ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට සමුදීමට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text]

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩකයෙකු එක්දින පිටියට සමුදීමට සැරසෙන බවට වාර්තා වෙයි. ඒ අනුව ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇති බව නිවේදනය කර ඇත.

තවමත් 24 වැනි වියෙහි පසුවන නවීන් මෙම තීරණය ගෙන ඇත්තේ තම ක්‍රීඩා දිවිය දිගු ජර ගැනීමේ අරමුණින් යුතුවයි. ඔහු මේ වන විට එක්දින තරග 7කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 14ක් දවාගෙන ඇත. නවීන් ලොව පුරා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි බොහොමයක් නියෝජනය කළ වේගපන්දු යවන්නෙකි. එමෙන්ම එළඹෙන ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ද එක්දින පිටියට සමුදීමට තීරණය කොට ඇති බව මින් පෙර නිවේදනය කළේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top