ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිනයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.. ඉනීමක පරාජයක් බේරීම සදහා ළකුණු 326ක් පිටුපසින් සිට දෙවන ඉනීම ආරම්භ කළ ද. අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් සියල්ලම දැවී ළකුණු 189ක් පමණක් වාර්තා කරන ලදි.
ද.අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ළකුණු ලාභියා බවට පත්වීමට ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් සමත් වූයේ ලකුණු 48 ක් ලබා ගනිමිනි.මීට අමතරව ටෙම්බා බවුමා ළකුණු 38 ක් හා වර්නන් ෆිලැන්ඩර් ළකුණු 37ක් ලබා ගැනීමට සමත්විය..

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදෙව් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් දවාගත් අතර රවී අශ්වින් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

තරගයේ වීරයා ලෙස ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලැබූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සම්මානයෙන් පිදුම් ලැබීය..

මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම නොකඩවා ඉන්දියාව තුළ දී ජයග්‍රහණය කළ එකොළොස්වන තරගාවලි ජයග්‍රහණය වශයෙන් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය..එසේම මෙම තරග ජයග්‍රහණය විරාට් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව ලැබූ 30 වන තරඟ ජයග්‍රහණය බවටද පත්විය.

තෙවන හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 19 වනදා ආරම්භ වීමට නියමිතය.

ඉන්දියාව 601 -5 විරාට් කෝලි 254*, මයනක් අගර්වාල් 118 කාර්ගීසෝ රබාඩා 3 -93

ද.අප්‍රිකාව ප්‍රථම ඉනීම 275 -10 මහරාජ් 72 , ඩුප්ලෙසීස් 64 , පිලැන්ඩර් 44*.

රවිචන්ද්‍රන් අශ්වින් 4 – 69 , උමේෂ් යාදෙව් 3 -37

ද.අප්‍රිකාව දෙවන ඉනීම 189 -10 ඩීන් එල්ගාර් 48, ටෙම්බා බවුමා 38

රවීන්ද්‍ර ජඩේජා 3 – 52 , උමේෂ් යාදෙව් 3 -22.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top