[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපරි ලීග් කාණ්ඩයේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවෙ පහර දුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් රැස් කළා. යශස්වී ජයිස්වාල් ලකුණු 62 යි. අතර්වා එන්කොලර් ලකුණු 55 ක් රැස් කළා. පන්දු යැවීමේදී ටොඩ් මර්පි සහ කොරේ කෙලී කඩුලු 2 බැගින් බිද හෙලුවා. අනතුරුව තරගය ජය ගැනීම සදහා ලකුණු 234 ක ඉලක්කයත් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දු වාර 43 යි පන්දු 3 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීඹට හැකි වුණේ ලකුණු 159 ක් පමණයි. සෑම් ෆෙනින්ග් ලකුණු 75 යි. පන්දු යැවීමේදී කර්තික් ත්‍යාගි ලකුණු 24 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
තරගයෙන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් ජය ගත්තේ ලකුණු 74 කින්. තරගයේ වීරයා කර්තික් ත්‍යාගී. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා.
අවසන් වරට පැවැති යොවුන් ක්‍රීකට් ලෝක කුසලානයේ ශුරතාව දිනා ගත්තේද ඉන්දියාවයි.
Photo Credits – ICC[/vc_column_text][/vc_column][/vc_row]