උමාර් අක්මාල්ට තරග තහනමක්.

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තරග තහනමක් පනවා තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙය නිල වශයෙන් ප්‍රකාශ කළා.

මේ අනුව උමාර් අක්මාල්ට ජාත්‍යන්තර හෝ දේශීය ක්‍රිකට් තරග සදහා හෝ ක්‍රිකට් ආශ්‍රිත කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වීමට හැකියාවක් නොලැබෙන බවද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් උමාර් අක්මාල් සිදු කළ වරදෙහි ස්වාභාවය හෝ තරග තහනමෙහි කාල සීමාව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ වන තෙක් ප්‍රකාශ කර නැහැ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top