එංගලන්ත පිතිකරුවන් සාර්ථක වනවිට පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ පසුබසිති.

[vc_row][vc_column][vc_column_text]එංගලන්තය හා නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය සේම පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරගය අද ආරම්භ විය..

මෙහි ප්‍රථම තරගය ලෙස එංගලන්තය හා නවසීලන්තය අතර තරගය ශ්‍රී ලංකාවේ වේලාවින් උදෑසන 3.30ට   නවසීලන්තයේදී ආරම්භ විය.කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් වෙත ලබා ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් තීරණය කරන ලදි.. එය සාර්ථක තීරණයක් බවට පසක් කරමින් දිනය අවසන් වනවිට කඩුලු 4ක් දැවී එංගලන්තය ළකුණු 241ක් ලබා සිටියහ..එංගලන්තය වෙනුවෙන් ජෝ ඩෙන්ලි ළකුණු  74ක් හා ආරම්භක පිතිකරු බර්න්ස් ළකුණු 52ක් ලබා ගත්හ. නොදැවී ක්‍රීඩා කරන බෙන් ස්ටොක් ළකුණු  67ක් ලබා සිටී. පන්දු යැවීමේදී කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් කඩුලු 2ක් බිද හෙලන ලදි.
එංගලන්තය 241 – 4 ඩෙන්ලි 74 ,
 ස්ටොක් 67*  ග්‍රෑන්ඩ්හෝම් 2 – 28
පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට්  තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 5.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී ආරම්භ විය. කාසියේ  වාසිය දිනාගත් පාකිස්තාන නායක අසාර් අලි විසින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. මේ අනුව පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන  නායක අලි හා මසූඩ්  ඉවසිලිවන්තව ඕස්ට්‍රේලියානු  වේග පන්දු  යවනන් ඉදිරියේ පිත්ත හසුරවමින් පන්දුවාර 33ක් ක්‍රීඩා කිරීමට සමත්විය.. ලකුණු  75ක ආරම්භ කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටීමෙන් පසුව ඕස්ට්‍රේලියානු  වේගපන්දු යවන්නන්  සිය ග්‍රහණය පාකිස්තානය වෙත යොමු කරමින් පාකිස්තාන ඉනීම ළකුණු 94කට කඩුලු 5ක් ලෙස පත් කිරීමට සමත් විය .
මෙහිදී  ක්‍රියාත්මක වූ පාකිස්ථාන  මැදපෙළ පිතිකරු අශාඩ් ශෆීක් සටන්කාමී අර්ධ ශතකයක් රැස් කරමින්  ළකුණු 76ක් ලබා ගැනීමට සමත්විය.  පාකිස්තානය ගෞරවනීය ලකුණු සංඛ්‍යාව රැගෙන යාමට සමත් විය. ඔහුගේ එම සටන්කාම් ඉනීම් හේතුවෙන් පාකිස්තානය සියලු දෙනා දැවී ළකුණු 240ක් ලබා ගැනීමට සමත් වූහ. ශෆීක්ට  අනගි සහයක් ලබා දෙමින්  මොහොමඩ් රිස්වාන් ළකුණු 37ක් හා යසීර් ශා ළකුණු 26ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 4ක් බිදි හෙළීමට සමත්විය…
පාකිස්තානය 240 අශාඩ් ශෆීක් 76 , අසාර් අලි 39  , ස්ටාර්ක් 4 -52 , කමින්ස් 3 – 60

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top