[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියක් සහ තරඟ තුනකින් ම සමන්විත එක්දින තරඟාවලියක් එළඹෙන ජුනි සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමියි.
මෙම සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගමන් කරන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
මෙම සංචිතයට බංගලාදේශ තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 18 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු නම් කර තිබෙනවා. බංගලදේශ සංචාරය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. එම ක්‍රීඩකයන් 18 දෙනාම ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී දින තුනක නිරෝධායන කාලයකට යොමු වීමට නියමිතයි.
ඔවුන් දින 3ක නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුව සංචිතය සඳහා නම් කර ඇති සෙසු ක්‍රීඩකයන් 10 දෙනා සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටිය කේන්ද්‍රකරගනිමින් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.
සංචිතයට අලුතෙන් නම් කෙරුණු ක්‍රීඩකයන් 10දෙනා බංගලාදේශයේ සිට පැමිණි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නිරෝධායන කාලය අවසන් කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි.
සංචිතයට අලුතෙන් නම් කෙරුණු ක්‍රීඩකයන් අතර මෙවර දේශීය ක්‍රිකට් පිටියේ එක්දින තරඟාවලිය තුළ විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණු චරිත් අසලංක, කමිල් මිශාර, ඉශාන් ජයරත්න සහ LPL තරඟාවලිය තුළ කැපී පෙනුණු දක්ෂතා දැක්වූ ධනංජය ලක්ශාන් යන ක්‍රීඩකයින් ද ඇතුළත්.
මූලික සංචිතය
- Kusal Perera (C)
- Danushka Gunathilaka
- Pathum Nissanka
- Avishka Fernando
- Sadeera Samarawickrama
- Oshada Fernando
- Kusal Mendis
- Dhananjaya De Silva
- Charith Asalanka
- Kamil Mishara
- Niroshan Dickwella
- Ashen Bandara
- Dasun Shanaka
- Chamika Karunaratne
- Dhananjaya Lakshan
- Wanindu Hasaranga
- Ramesh Mendis
- Lakshan Sandakan
- Akila Dananjaya
- Praveen Jayawickrama
- Dushmantha Chameera
- Isuru Udana
- Binura Fernando
- Nuwan Pradeep
- Shiran Fernando
- Kasun Rajitha
- Asitha Fernando
- Ishan Jayaratne
ඒ අනුව මෙම ක්‍රීඩකයන් 28 දෙනාගෙන් ක්‍රීඩකයන් 22නෙකු ජුනි මාසයේ මුල් සතිය අවසන් වනවිට එංගලන්ත සංචාරය සඳහා වන අවසන් සංචිතය ලෙස තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ විස්සයි20 තරගාවලිය ජුනි මස 23 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගාවලිය ඉන් අනතුරුව ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ කාලසටහන
දිනය | තරඟය |
ජුනි 23 | පළමු T20 තරඟය |
ජුනි 24 | දෙවැනි T20 තරඟය |
ජුනි 26 | තෙවැනි T20 තරඟය |
ජුනි 29 | පළමු එක්දින තරඟය |
ජූලි 01 | දෙවැනි එක්දින තරඟය |
ජූලි 04 | තෙවැනි එක්දින තරඟය |
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]