ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නිවේදනය කළා. කණ්ඩායමේ නායකයා චරිත් අසලංක. නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
නායක චරිත් අසලංක සමග පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක සහ නුවනිදු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙනවා. වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවා ඇත්තේ දඟ පන්දු යවන්නන් ලෙසයි. වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරන්නේ අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාංලිග.
තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන බදාදා පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වෙනවා. එම තරග දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි දිවා තරග ලෙස පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.