එදා රුපියල් 200 අභියෝගයක් වූ චන්දි අද ලක්ෂ 200ක ක්‍රීඩාංගණයක් ඉදිකරයි.

[vc_row][vc_column][vc_column_text]අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයන්ට අද දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වුණා. අද දිනයේදී ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉදිකළ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිසු අයිතියට පත් වද්දී එමගින් ධර්මාශෝක ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් දිවියට නිසැකවම සුවිසල් අත්වැලක් සපයනු ඇත. දිනේෂ් චන්දිමාල් විසින් මිලියන 20කට ආසන්න වූ තම පෞද්ගලික මුදල් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා මෙම ක්‍රීඩාංගණය ඉදිකළ අතර එය නම් කොට ඇත්තේ “රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය” ලෙසිනි. අම්බලන්ගොඩින් කොළඹට ආ දිනේෂ් චන්දිමාල් හට යෝධ ශක්තියක් වූ යුග පුරුෂයා වෙනුවෙන් ඒ ආකාරයට මෙම ගෘහස්ත ක්‍රීඩාංගණය නම්කොට ඇත

අද දිනයේදී මෙම උත්සව සභාව ඇමතූ විශ්‍රාමික මේජර් ජෙනරල් බිමල් විදානගේ මහතා මෙලෙසින් අදහස් දක්වා ඇත.

” දිනේෂ් මේ කටයුත්ත සඳහා අනුග්‍රහය දක්වන්න කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා. එකක් ක්‍රීඩාගාරය රංජිත් පණ්ඩිතගේ මහතා නමින් නම්කරන්න ඕනේ. අනික මේ ක්‍රීඩාගාරය ධර්මාශෝකයට විතරක් නෙමෙයි, අම්බලන්ගොඩ දේවානන්ද, කුලරත්න වගේ පාසල්වලටත් නොමිලේ ලබාදෙන්න ඕනේ.

උත්සව සභාව ඇමතු හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ද මෙලෙසින් සිය අදහස් ප්‍රකාශ කොට ඇත

“මට එදා (2002) ජී අශෝක කුමාර සර්ගේ ක්‍රිකට් ඇකඩමි එකේ ගාස්තුව වුණ (පන්දු හා ක්‍රීඩාංගණය වෙන්කරගැනිම සඳහා) රුපියල් 200 ගෙවාගන්න එක ලොකු අභියෝගයක් වුණා. මගේ අම්මා තාත්තා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මට මුලින්ම රංජිත් පණ්ඩිතගේ සර් හම්බුණ දවසේ ඔහු මට කිව්වා දිනේෂ් මම කවදා හරි හැරමිටියෙන් යන දවසක මට දිනේෂ් චන්දිමාල් කියන ක්‍රීඩකයාට වඩා දිනේෂ් චන්දිමාල් කියන මහත්තයා ගැන අහන්න තියෙනවා නම් මට ඒ ඇති කියලා. අද මම මගේ මහන්සියෙන් හම්බ කරපු මුදලින් නිවසක් ඉදිකරගත්තට, මගේ මුදලින් වාහනයක් මිල දී ගත්තට, එදා අඹතලේ ප්‍රදේශයේ මට කොළඹ මුලින්ම නිවසක් ලබා දුන්නේ රංජිත් සර්, මට මුලින්ම වාහනයක් දුන්නේ රංජිත් සර්. ඒ විතරක් නෙමෙයි, මම ඉස්කෝලේ හොස්ටල් එකෙන් එළියට ආවට පස්සේ මට ඩිමෝ ආයතනයේ නවතින්න තැනක් දුන්නෙත් රංජිත් සර්. ඒ නිසා ඔහුගේ උපන් දිනය වූ අද දවසේ මේ දේ කරන්න ලැබුණා වගේම ලෝක ළමා දිනය දවසේ මේ ක්‍රීඩාගරය සිසු අයිතියට පත්කරන්න ලැබුණු එකත් මට සතුටක් “

මූලාශ්‍ර – සුපුන් රාජිත හෙට්ටිආරච්චි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top