ඔයින් මෝගන් ප්‍රමුඛ දිල්ලු බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක්!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 14 වන තරඟය දිල්ලි බුල්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් අතර පැවති අතර තරඟයෙන් කඩුලු 6ක පහසුජයක් නෝදන් වොරියර්ස් කණ්ඩායමට හිමි විය.

මෙම ජයග්‍රහණයත් සමඟ නෝදන් වොරියර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කල අතර පළමු තරඟයෙන් ජය වාර්තාකල ඇන්ජලෝ මැතිව්ස්, ඔයින් මෝගන් ඇතුලු දිල්ලි බුල්ස් කණ්ඩායමට අනෙක් තරඟ තුනෙන්ම ජයග්‍රහණයක් ලබා ගැන්මට අපොහොසත්විය.

කාසියේ වාසිය දිනූ නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දිල්ලි බුල්ස් කණ්ඩායමට ආරාධනාකල අතර පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 110ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 120-130ක සීමාවට මුලු ලකුණු ප්‍රමාණය ගෙන ඒමේ බලාපොරොත්තුවකින් දිල්ලි බුල්ස් කණ්ඩායම පිතිකරණය ආරම්භ කලදසාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දිල්ලි බුල්ස් කණ්ඩායමට නොහැකි විය.

තරඟාවලිය පුරා වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කල ක්‍රිස් ග්‍රීන් සිය පන්දුවාර දෙක තුලදී ලකුණු අටක් පමණක් ලබා දෙමින් මුල්පෙල කඩුලු 3ම දවාලීමට සමත් විය.

ඒ අතර ඊයේ දින තරඟයේ වීරයා වූ කුසල් ජනිත් පෙරේරා ද සිටි අතර ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 4ක්

පමණි. බිඳ වැටුනු ඉනිමට යලි ජවය ලබා දෙමින් ලකුණු 110ක් වැනි ප්‍රමාණයක් සඳහා අවශ්‍ය පදනම දැමූ නායකත්ව වගකීම අකුරටමඉටු කල ඔයින් මෝගන් දර්ශනීය හයේ පහරවල් 5ක් සමගින් පන්දු 28කදී ලකුණු 56ක් රැස් කලේය.

පන්දු ‍යැවීමේ බලඇණිය ශක්තිමත් කල ක්‍රිස් ග්‍රීන් ලකුණු 8කට කඩුලු 3ක්ද අන්ඩ්‍රේ රසල් ලකුණු 25කට කඩුලු දෙකක්ද දවාලීමට සමත්විය.

ලකුණු 111ක ඉලක්කය හඹා ගිය නෝදන් වොරියර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී පන්දු 6ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තාකිරීමට සමත් විය.

හඹා යෑම පහසු කල කොදෙව් පිතිකරු නිකලස් පූරන් නොදැවී පන්දු 25කදී ලකුණු 56ක් රැස් කලේ දිල්ලි පන්දු යවන්නන් තුට්ටුවකටවත්මායම් නොකරමිනි.

ඔහුට කදිම් සහයක් ලබා දුන් අනෙක් කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් පන්දු අටකදී වේගවත් ලකුණු 22ක් රැස් කලේය.

අසේල ගුණරත්න නොදැවී ලකුණු 5ක් රැස් කරමින් සිටියේය.

තරඟාවලිය පුරාම කඩුලු අතර සිටි දුශ්මන්ත චමීර මෙම තරඟයේද කඩුල්ලක් දවා ගනිමින් සිය රිද්මය පවත්වාගත්තේය.

තරඟයේ වීරයා සම්මානය නිකලස් පූරන් ට හිමිවිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top