ඔලිම්පික් යන ක්‍රීඩිකාවක ද සමඟ ජයග්‍රාහී මලල ක්‍රීඩා කණ්ඩායම හදිසි තීරණයකින් මාතර හිරවෙයි..

[vc_row][vc_column][vc_column_text]

60වන ඉන්දීය අන්තර් ප්රාන්ත මලල තරගාවලිය නිමකළ ආරාධිත ශ්රී ලංකා මලල ක්රීඩා කණ්ඩායම නිරෝධායන ක්රියාවලිය සඳහා මාතර ප්රදේශයේ නිරෝධායන මධ්යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. ඒ, මීට පෙර ඔවුන් නිරෝධාය කටයුතු සඳහා කොළඹ සුගතදාස හෝටලයේ නතර කිරීමට ගෙන තිබූ තීරණය ද හදිසියේ වෙනස් කරමිනි.
මීට පෙර සැලසුම වී තිබුණේ සුගතදාස හෝටලයේ නවාතැන් පහසුකම් ලබා දී ජෛව බුබුළු ආරක්ෂිත ක්රමවේද යටතේ සුගතදාස ක්රීඩාංගණය කේන්ද්ර කරගනිමින් ඔවුනට පුහුණුවීම් කටයුතු සඳහා ද අවස්ථාව ලබා දීමයි. ඔලිම්පික් උළෙල නියෝජනයට වරම් දිනාගත් ක්රීඩිකාවක ද මෙම ජයග්රාහී කණ්ඩායමට ඇතුළත් වන අතර නව තීරණය යටතේ මොවුන්ගේ පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ කෙසේද කෙසේද යන්න ගැටලුවක් වී තිබෙනවා.
ඉන්දියාවේ තරගාවලියට සහභාගිවීම සඳහා මෙන් ම ආපසු දිවයින බලා පැමිණීමේ දී ද මොවුන්ට සිදුවිය පරංගියා කෝට්ටේ ගියා වැනි ගුවන් ගමනක නිරත වන්නට ය. අධික වෙහෙසකර එවැනි ගුවන් ගමනකට පසුවත් හදිසියේ තීරණය වෙනස් කරමින් ඔවුන් මාතර ප්රදේශයේ වෙත යොමු කිරීමෙන් මෙම ක්රීඩ ක්රීඩිකාවන්ට තවත් අපහසුතාවයට පත්ව තිබෙනවා.
පදක්කම් නවයකින් ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දුන් මලල ක්රීඩක ක්රීඩිකාවන් නැවත වරක් මෙලෙස අපහසුතාවයට පත් වන්නේ විනය කඩ කිරීමේ චෝදනා මත හදිසියේ ම මෙරටට ගෙන්වූ ඇතැම් ක්රීඩකයන් සුපිරි සංචාරක හෝටල්වල නිරෝධායනය වන අතරතුරයි.
කෙසේ නමුත් මෙම මලල ක්රීඩා කණ්ඩායම නැවත කොළඹ ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි මලල ක්රීඩා සංගමයේ සහ ක්රීඩා අමාත්යංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top