ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරයා යොකැවිච් ශූරිය කෙනින්

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ අවසන් තරගයේදී ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජය කරමින්.

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය නොවැක් යොකැවිච් ජය ගත්තේ ලකුණු 6 ට 4 ක් ලෙස. නමුත් තරගයේ දෙවැනි සහ තෙවැනි වට ජය ගැනීමට ඩොමිනික් තීම් සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ 6 ට 4 ක් සහ 6 ට 2 ක් ලෙස. නොවැක් යොකැවිච් තරගයේ සිව්වැනි වටය ජය ගත්තේ ලකුණු 6 ට 3 ක් ලෙස. ඔහු තරගයේ තීරණාත්මක 5 වැනි වටයද ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව නොවැකි යොකැවිච් අවසන් තරගය ජය ගත්තේ වට 3 ට 2 ක් ලෙසයි. ඔහු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනූ 8 වැනි අවස්ථාව මෙයයි. එම ජයග්‍රහණයත් සමග යොකැවිච් ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට පැමිණියා.

කාන්තා කේවල අවසන් තරගය පැවැත්වු‌ණේ අමෙරිකාවේ සොෆියා කෙනින් සහ ස්පාඤ්ඤයේ ගේබ්‍රීන් මුගුරුසා අතර. තරගයේ පළමු වටය ගේබ්‍රීන් මුගුරුසා ජය ගත්තේ ලකුණු 6 ට 4 ක් ලෙස. නමුත් තරගයේ දෙවැනි සහ තෙවැනි වට ජය ගැනීමට සොෆියා කෙනින් සමත් වුණා. ලකුණු තත්ත්වය දැක්වුණේ 6ට 2 ක් සහ 6 ට 2 ක් ලෙස. ඒ අනුව වට 2 ට 1 ක් ලෙස අවසන් තරගය ජය ගත් සොෆියා කෙනින් තරගාවලියේ ශුරතාව දිනා ගත්තා. ඇය ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top