කණ්ඩායම් 5 ම හම්බන්තොට!

[vc_row][vc_column][vc_column_text]තවත් දින 7 කින් ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත කණ්ඩායම් අතරින් තරග බිමට පැමිණි අවසන් කණ්ඩායම බවට පත්වුණු ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම හම්බන්තොටට පැමිණීමත් සමඟ තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 ම, නීරෝධායන කාල සීමාවට යටත්ව හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ නවා තැන් ගෙන සිටියි.

කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍ය අංශවල ලබාදී තිබෙන විශේෂිත නිර්දේශන්ට අනුව සෑම කණ්ඩායමක්ම අනිවාර්යය නීරෝධායනය කාල සීමාවකට යටත්ව තරගාවලිය නියෝජනය කරනු ඇත.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් අතුරින් ප්‍රථමයෙන්ම තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි. හම්බන්තොටට පැමිණීමට පෙර ඉකුත් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ කාල සීමාවේදී මහනුවරදී පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ජැෆ්නා පිල ඉකුත් 16 වැනි දින පස්වරුවේ හම්බන්තොටට පැමිණියේය. සෙසු කණ්ඩායම් අතරින් දඹුල්ල වයිකින්ස්, කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් එදිනම රාත්‍රී කාලයේදී නවාතැන් ගෙන හෝටලයට පැමිණියහ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කර ගනිමින් මහනුවරදී පැවැත්වෙන දින 10 ක පුහුණු සැසියක් සඳහා සහභාගිවී සිටින ක්‍රීඩකයින් ලබන 22 වැනිදා තමන් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් හා එක්වීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලිය නියෝජනය කරනු ලබන විදෙස් ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් ලබන 19 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විත වේ.

Sri Lanka Cricket[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top