ක්‍රිකට් තහනම තවදුරටත්. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටත් අවස්ථාවක්.

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට අද දිනයේදී රැස්වූ ICC මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ ICC තහනම තවදුරටත් බලාත්මක වනු ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි වී ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඒ අනුව සියලුම ද්වීපාර්ශික තරගාවලි, දේශීය තරගාවලි වලට මෙම අත්හිටුවීම බාධාවක් නොවන බවට ICC මණ්ඩලය එකග වී ඇත.

නමුත් ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර තරගාවලියක සත්කාරකත්වය හිමි නොවනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට හිමි වන ICC අරමුදල් ද තහනම ඉවත්වන තෙක් කප්පාදු කර ඇති බවද EspnCricinfo වාර්තාවල සදහන් වී ඇත. එළඹෙන ජනවාරි මස පැවැත්වෙන යොවුන් ලෝක කුසලානය සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමි වූ නමුත් ජනවාරි මස පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

Back To Top