[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වුණේ ඉතිහාසයේ පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානයක හිමිකාරීත්වය බංග්ලාදේශයට හිමි කර දෙමින්. ඔවුන් හමුවේ අවසන් තරගයේදී පරායට පත් වුණේ සිව්වරක් යොවුන් ලෝක කුසලානයේ හිමිරුවන් වූ ඉන්දියාවයි.
නමුත් අවසන් තරගයෙන් පසුව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගතියට කළු පැල්ලමක් එක් කරමින් දෙපිළේ ක්‍රීඩකයින් අතර ගැටුමක් ඇති වුණා.ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් 5 දෙනෙකුට තරග තහනම් සහ සෘන ලකුණු ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් විනය නීති උල්ලංඝනය කර ඇති බවයි.මෙලෙස දඩුවම් හිමිව තිබෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් වන මොහොමඩ් තව්හීද්, ශමීන් හොසේන් , රකිබුල් හසන් සහ ඉන්දීය ක්‍රීඩකයින් වන ආකාෂ් සිං සහ රවී බිශ්නෝයිට. මෙම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකාවේ ග්රැහැම් ලැබ්රෝයි මහතායි.[/vc_column_text][/vc_column][/vc_row]