කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලිය කල් යයි.

[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගතය නිසා මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබු අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ අයි.සී.සී යූ 19 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා අංශය 2 කොරෝනා උවදුර හේතුවෙන් ඉසව් දෙකම කල් දමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) නිවේදනය කර තිබේ.

අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය ජූලි 3 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී නවසීලන්තයේ පැවැත්වෙන 2021 තරගාවලියට කණ්ඩායම් තුනක් සුදුසුකම් හිමිවීමට පසුවුහ.

“මෙම දුෂ්කර කාල පරිච්චේදය තුළ අපගේ ප්‍රමුඛතාවය වන්නේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන්, රසිකයන් සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවේම යහපැවැත්ම ආරක්ෂා කිරීමයි. සිදුවීම් කල් දැමීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි හොඳින් දැනුවත්ව, වගකිවයුතු තීරණ ගන්නෙමු.” ක්‍රිස් ටෙට්ලි අයි.සී.සී සිදුවීම් ප්‍රධානී[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top