[vc_row][vc_column][vc_column_text]ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ක්රීඩා නොකරන බවට වාර්තා වේ.
ආබාධයකට ලක්වීම හේතුවෙන් දිමුත් කරුණාරත්න ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් තරගයටද ක්රීඩා නොකළේය. පළමු තරගයේදී ශ්රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම හිමිවූයේ දිනේෂ් චන්දිමාල්හටය.
පසුගිය දකුණු අප්රිකානු සංචාරයේදී හා එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීද අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ද දෙවන තරගයෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇත.ඔහු වෙනුවට ඕෂධ ප්රනාන්දු හෝ රොෂේන් සිල්වා යන ක්රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට අවස්ථාව හිමිවනු ඇත. ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ඕෂධ ප්රනාන්දුද ආබාධයකට ලක්වූ අතර ඔහුට දකුණු අප්රිකාවට එරෙහි තරගාවලිය හා එංගලන්ත තරගාවලියේ පළමු තරගය මග හැරිණි. ඕෂධ දෙවන තරගයට ක්රීඩා කරන්නේද යන්න පිළිබදව ශ්රී ලංකා ක්රිකට් ආයතනය කිසිදු නිවේදනයක් නිකුත් කොට නොමැත.
– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]