කොදෙව්වන්ට සිව්වැනි වරටත් මෙරටදී තරගාවලි එක්දින තරගාවලි පරාජයක්

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161 දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වීම විශේෂත්වයක්. තරගාය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 2017 වසරේ ජූලි මාසයෙන් පසුව එම ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පැවැති පළමු අවස්ථාව මෙයයි. ඒ හේතුවෙන් තරගය නැරඹීම සදහා විශාල ක්‍රීඩා‌ ලෝලීන් පිරිසක් එක්ව සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබධතාව ලකුණු 9 ක්. දිමුත් එක් ලකුණකට දැවී ගිය අතර අනතුරුව කුසල් පෙරේරා ලකුණු නොලඹා දැවී ගියා. එම කඩුලු 2 ම දවා ගත්තේ ශෙල්ඩන් කොට්‍රල් විසින්. නමුත් අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 239 ක විශිෂ්ඨ සබධතාවක් ගොඩනැගීමට අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. එම ලකුණු සබධතාව වාර්තා වන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔ්නෑම කඩුල්ලක් සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබධතාව ලෙසයි. මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු තුන්වැනි කඩුල්ල සදහා ඔ්නෑම කණ්ඩායමකට එරෙහිව වාර්තා කළ ඉහළම ලකුණු සබධතාව ලෙසද මෙය වාර්තා වනවා. තරගයේදී කුසල් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 2000 සීමාව පසු කිරීමටද සමත් වුණා. ඔහු මෙහිදී වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකයයි. අවිශ්ක ප්‍රනාන්දුද තම එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට මෙහිදී සමත් වුණා. කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 119 ක් ලබා සිටියදීයි. පන්දු 119 කදී ගොඩනැගුණු ඉනිමට 4 පහර 12 ක් ඇතුලත්. අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 127 කට. පන්දු 123 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් ඇතුලත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් රැස් කළා. එය වාර්තා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී එක්දින තරගයක රැස් කළ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මේ අතර සූරියවැව ක්‍රීඩාංගණයේදී කණ්ඩායම්ක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙයයි. එකම 6 පහරක් හෝ වාර්තා නොවී කණ්ඩායමක් එක්දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙයයි. පන්දු යැවීමේදී ශෙල්ඩන් කොට්‍රල් කඩුලු 4 ක් බිද හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 39 යි පන්දු 1 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 184 ක් පමණයි. ෂායි හෝප් ලකුණු 51 ක් සහ නිකලස් පූරන් ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 30 ට කඩුලු 3 යි. ලක්ෂාන් සදකැන් කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිද හෙලුවා. තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161 ක ජයක් වාර්තා කළා. එය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණයයි. තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top