[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්රිකට් තරඟාවලිය ඉලක්ක කොට ගෙන ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පළාත් සුපිරි විස්සයි20 ක්රිකට් තරගාවලියේ ජයග්රහණ හිමි කර ගැනීමට චමරි අතපත්තු නායකත්වය දරණ දඹුලු කණ්ඩායම අද සමත් විය.
තරඟය අද උදෑසන 9.30 ට පමණ කොළඹ එස්.එස්.සී ක්රීඩාංගණයේදී ආරම්භ වූ අතර ප්රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 98ක් පමණි. කැපී පෙනෙන කිසිදු පිතිකරණයක් කොළඹ කණ්ඩායම තුළින් වාර්තා නොවූ අතර පන්දු යැවීමේදී දඹුලු කණ්ඩායම වෙනුවෙන් ජේෂ්ඨ ක්රීඩිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු විසි එකකට කඩුලු 2ක් බිඳ හෙලන ලදී.
ශූරතාව වෙනුවෙන් ලකුණු 99ක් ඉලක්කයක් හඹාගිය දඹුලු කණ්ඩායම පන්දුවාර දාහතක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ සුපිරි පළාත් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.
දඹුලු කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්රියාත්මක වූ ශශිකලා සිරිවර්ධන තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ළකුණු 56ක් ලබා ගනිමින් දඹුලු කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් පෙරමුණ ලබා ගත්තාය.
තරගාවලිය පුරා පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වමින් අර්ධ ශතක දෙකක් සමගින් තරග 3 කදී ලකුණු 162ක් ලබාගත් මහනුවර කණ්ඩායමේ නායිකා හර්ෂිතා මාධවී තරගාවලියේ හොඳම ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී.
අවසන් තරගය දක්ෂතම ක්රීඩිකාව බවට පත්වූයේ දඹුලු කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ලකුණු 56ක් හා පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවාගත් ශශිකලා සිරිවර්ධන ය.
තරගාවලියේ හොඳම පන්දු යවන්නිය බවටද පත්වූයේ ශශිකලා සිරිවර්ධන වන අතර ඇය තරගාවලිය පුරා කඩුලු 5ක් බිඳ හෙළා තිබුණි.
එසේම තරගාවලියේ හොඳම පිතිකාරිනිය සම්මානය කොළඹ කණ්ඩායමේ හන්සිමා කරුණාරත්න විසින් දිනාගත් අතර ඇය තරගාවලියේදී ලකුණු 128 ක් ලබාගෙන තිබුණි.
– චානා-[/vc_column_text][/vc_column][/vc_row]