ග්‍රේස් – රෙඩ්ස් අතර තරගයත් වැස්සට යටවෙයි

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් අද (21 දා) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දසුන් ශානකගේ  ග්‍රේස් කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් කණ්ඩායමත් අතර තරගය ද වර්ෂාව හේතුවෙන් එකම හෝ පන්දුවක් යැවීමෙන් තොරව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

පස්වරුවේ පැවැත්වුණු බ්ලූස් සහ ග්‍රීන්ස් අතර තරගයද පන්දුවාර 7 කට සීමා වෙමින් අත හැර දැමුණු අතර තරගය නවතා දමන අවස්ථාවේ සිට දිගින් දිගටම පල්ලකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ප.ව. 8.15 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කන ලදී.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවීමත් සමඟ ග්‍රේස් පිලේ ප්‍රසාද ලකුණු 9 දක්වාද රෙඩ්ස් පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5 දක්වාද ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් දසුන්ගේ ග්‍රේස් කණ්ඩායම සමඟ අවසන් මහ සටනට සුදුසුකම් ලැබීම සඳහා රෙඩ්ස් සහ බ්ලූස් අතර තරගයක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ අනුව හෙට (22 දා) පැවැත්වීමට නියමිත මූලික වටයේ අවසන් තරග 2 වන ග්‍රේස් සහ බ්ලූස් අතර තරගයෙන් බ්ලූස් පිල ජය ගෙන රෙඩ්ස් සහ ග්‍රීන්ස් අතර තරගයෙන් රෙඩ්ස් පිල ජයගතහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව යළිත් සමාන වන බැවින් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව රෙඩ්ස් කණ්ඩායමට වඩා (-0.812) බ්ලූස් කණ්ඩායම (0.444) ඉදිරියෙන් පසුවීම නිසා අවසන් මහ තරග වරම උදාකර ගැනීමට නම් රෙඩ්ස් පිල හෙට ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී වැඩි ලකුණු වේගයක් රඳවා ගනිමින් තරගය ජයග්‍රහණය කළ යුතුය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top