චමරි අතපත්තු බිග් බෑශ් තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු හට මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේ (WBBL) මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

තරඟාවලිය මේවන විට බොහෝ දුරට අවසන්ව පැවතියද මූලික වටයේ තවත් තරග 3ක් මෙල්බන් කණ්ඩායමට ඉතිරිව පවතින අතර ඔවුන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් අතහැර නොමැත.
මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම තරග 11 ක්‍රීඩාකර ජයග්‍රහණයෙන් 5ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය මේ වන විට දිනාගෙන සිටිනවා.

රෙනගේඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් මානසික සුවතාවය රැකගැනීම වෙනුවෙන් මෙම තරගාවලියෙන් හදිසියේම ඉවත් වීම හේතුකොට ගෙන මෙලෙස අතපත්තු කැඳවීමට මෙල්බන් කණ්ඩායම තීරණය කොට තිබෙනවා. මීට පෙර 2017 වසරේ දී කාන්තා බිග් බෑශ් තරගාවලිය වෙනුවෙන් මෙල්බන් කණ්ඩායම නියෝජනය කළ චාමරි තරග 14ක් තුළ ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වුණා.

එසේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අසාර්ථක ඕස්ට්‍රේලියානු තරග සංචාරය තුළදී ශතක 2ක් ඇය වාර්තා කොට තිබීමද මම කැඳවීමට හේතුවක් වන්නට ඇති බවට සදහන්වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top