චමරි ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් – මලින්ද වර්ණපුර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට ඊයේ දින සමත් වුණා. එහිදී චාමරි අතපත්තු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහි මාවත කරා රැගෙන යාමට සමත් වුණා. චමරි අතපත්තු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මලින්ද වර්ණපුර ප්‍රකාශ කර සිටියේ චමරි වර්තමානයේ ලොව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් බවයි.

“චමරි දිගු කලක පටන් දක්ෂ ලෙස ක්‍රීඩාවේ නිරත වෙමින් ඉන්නවා. ඇය ක්‍රීඩා කරනවා බලන්න ආසයි. චමරි පන්දුවට පහර දෙනකොට පිරිමි තරගයක් බලනවා වගේම තමා දැනෙන්නෙ. කිසිම වෙනසක් පේන්නේ නෑ. ඇය වේගයෙන් පන්දුවට පහර දෙනවා. ඇය පිතිකරණයෙන් කණ්ඩායම වෙනුවෙන් සුවිසල් කාරයක් ඉටු කරනවා. නමුත් අයට බොහෝ අවස්ථාවලදී පන්දු යවන්න හම්බෙන්නෙ පන්දුවාර එකක් නැත්නම් දෙකක් විතරයි. නමුත් ඇය ඔප්පු කරලා තියෙනවා ඇය ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරින් කෙනෙක් කියලා.”

” අපි අලුත් දේවල් කීපයක් අත්හදා බැලුවා. අපේ ක්‍රීඩිකාවන් එම අත්හදාබැලීම් හොඳ පැත්තකට අරන් ගියා. හර්ෂිතා සමරවික්‍රම තරගය අවසන් කරපු ආකාරය දිහා බලනකොට, ඇය ආරම්භක පිතිකාරිණියක් ලෙස පිතිකරණයේ යෙදෙන විලාසයේ වෙනසක් පෙනුණේ නෑ. අපිට ඉන්නවා පිතිකරණයේ යෙදෙන්න පුළුවන් ක්‍රීඩිකාවන් හයදෙනෙක් හත්දෙනෙක්. නමුත් චමරි එහි මූලිකත්වය ගන්නකොට අනෙක් අයට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරන්න ලේසියි.”

මාලින්ද වර්ණපුර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. නමුත් මෙම කෙටි කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නවසීලන්තය හා එංගලන්තය පළමු වරට පරාජයට පත් කිරීමට සමත්කම් දැක්වීය.

” පුහුණු කරුවෙකු ලෙස ඔවුන් ක්‍රීඩා කරන ආකාරය නැරඹීම සතුටට කාරණයක්. පිටියෙදි විතරක් නෙමේ ඔවුන් පුහුණුවීම් වල නිරත වන නිරත වන වෙලාවටත් එහෙමයි. අපේ ක්‍රීඩිකාවන් ජයග්‍රහණයේ පිපාසයෙන් සිටියේ. මම හිතනවා මේක ඔවුන්ට හොඳ ආරම්භයක් වේවි කියලා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top