චෙන්නායිහි කෑම බෙදූ කොලුගැටයා නෙදර්ලන්තයට පන්දු යවයි.

[vc_row][vc_column][vc_column_text]

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මෙවර නෙදර්ලන්තය සුදුසුකම් ලැබූවේ සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අනුශූරයන් බවට පත් වෙමිනි. නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි.

දස දහසකට අධික අයදුම්පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට දැල් තුළ පන්දු යැවීම සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරාගෙන ඇත. ඒ අතරට විසි නව හැවිරිදි වියෙහි පසුවන ලෝකේෂ් කුමාර් ද ඇතුළත් ය. ඔහු චෙන්නායි නගරයේ කෑම බෙදාහරින්නෙකු ලෙසින් සේවය කරන අතර ඒ නිසාවෙන් ඔහු පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල වාර්තා පළ විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top