දෙවැනි එක්දින තරගයේ ජයත් නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඔක්ලන්ඩ් හිදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුව පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ හෙන්රි නිකලස්. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ගොඩ නැගූ සබධතාව ලකුණු 93 ක්. පළමු කඩුල්ල ලෙස නිකලස් ලකුණු 41 කට දැවී ගියා. ටොම් බ්ලන්ඩෙල් ලකුණු 22 යි. මාටින් ගප්ටිල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 79 ක් රැස් කළා. රොස් ටේලර් නොදැවී ලකුණු 73 යි. නවසීලන්ත කණ්ඩාය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273 ක්. පන්දු යැවීමේදී යුෂ්වේන්ද්‍ර චහාල් ලකුණු 58 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 274 ක ඉලක්කයක් සමගින් ඉන්දීය ඉනිම ආරම්භ කළේ ප්‍රිත්වි ෂොව් සහ මයාන්ක් අගර්වාල්. ඉන්දීය ලකුණු පුවරුව 21 ක් වන විට පළමු කඩුල්ල ලෙස අගර්වාල් ලකුණු 3 කට දැවී ගියා. ප්‍රිත්වි ෂෝව් ලකුණු 24 යි. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ රවීන්ද්‍ර ජඩේජා. ඔහු ලකුණු 55 ක් රැස් කළ අතර ශ්‍රෙයාස් ඉයර් ලකුණු 52 යි. නව්දීප් සයිනි ලකුණු 45 ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම පන්දු වාර 48 යි පන්දු 3 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 251 ක්.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 22 කින්. මේ වන විට පැවැති තරග 2 ම ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ පෙරමුණේ පසුවනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top