පකිස්ථාන ආරම්භක පිතිකරු යුගලේ ආධිපත්‍යයට නතුවූ තරඟයේ තෙවන දිනය!

[vc_row][vc_column][vc_column_text]පකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද වූ අතර අද දිනය පුරාම තරඟයේ ආධිපත්‍යය පකිස්ථානය නතුකරගත්තේවිශිෂ්ඨ පිතිකරණයක නියැලීමේනි.

අද දින ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා අමිහිරි අත්දැකීමක් වූ අතර දිනය පුරාවටම කඩුලු දෙකක් පමණක් දවා ගනිද්දී පකිස්ථානපිතිකරුවන් ලකුණු 298ක් රැස් කරගැනීමට සමත් විය.දිනය නිමාවන විට පකිස්ථානය සිය දෙවන ඉනිමට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 395ක් රැස් කරගෙන සිටි අතර ශ්‍රී ලංකාවට වඩාලකුණු 315ක දැවන්ත වාසියක් හිමිකරගෙන සිටියේය.

අද දිනයේ වැඩි කාලයක් ශ්‍රී ලංකා පන්දු යවන්නනට කිසිදු අස්වැසිල්ලක් ලබා නොදෙමින් රිසි සේ ලකුණු රැස් කල පකිස්ථාන ආරම්භකපිතිකරු යුගල වූ අබිඩ් අලි සහ ශාන් මසූඩ් වාර්තාගත දැවැන්ත ලකුණු 278ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.

තරඟයේ සියලූම වාසි පකිස්ථානය වෙත නතු වීමට හේතු වූ මෙම අති දැවන්ත සබඳතාවය තරඟයේ හැරවුම් ලක්ශය්‍ය විය.ශානු මසූඩ් සිය මංගල ශතකය අද දින වාර්තා කල අතර අබිඩ් අලි සිය දෙවන ටෙස්ට් ශතකය අද දින වාර්තා විය.අබිස් අලිගේ දෙවන තරඟය මෙය වන අතර පළමු තරඟය එනම් තරඟාවලියේ පළමු තරඟයේදීද ශතකයක් වාර්තා කරමින් සියඅන්තර්ජාතික ටෙස්ට් දිවියට විශිෂ්ට ආරම්භයක් ලබාදීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු රකින්න්නට පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටද දැඩි හිසරදයක් වූ මෙම සබඳතාවයක ශාන් මසූඩ් ලකුණු135කට දැවී යනවාත් සමඟම අවසන් වූ අතර ඉතා හොඳ රිදමයක සිරි අබිඩ් අලි ලකුණු 174ක් ලබා සිටියදී දවා ගැනීමට ශ්‍රී ලංකාකණ්ඩායම සමත් විය.

එම කඩුලු දෙකම දවගැනීමට ලහිරු කුමාර සමත් විය.

කඩුලු දෙක දවා ගැනීමට සමත් වූවද ඒ වනවිටත් අවශ්‍ය හානිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිදූ වී ඇති අතර දිනය අවසානයේ නොදැවී සිටීමටඅසාර් අලි සහ බාබර් අසාම් සමත් විය.

මේ වන විටත් කඩුලු දෙකක් අතැතිව ලකුණු 315ක වාසියක් ලබා සිටින පකිස්ථාන පිල හෙට දිනයේ නිසැකවම ලකුණු 400ක් කරා යෑමටඇති ඉඩ වැඩි අතර ලකුණු 400ක පමණ ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

ලකුණු සටහන.

පකිස්ථාන පළමු ඉනිම – 190 / 10

බාබර් අසාම් 60, අසාඩ් සෆීක් 63 ,ලහිරු කුමාර 4/49, ලසිත් ඇඹුල්දෙණිය 4/71

ශ්‍රී ලංකා පළමු ඉනිම – 271/10

දිනේශ් චන්දිමාල් 74, දිලෘවන් පෙරේරා 48 ,ශහීන් අෆ්‍රිඩි 5/ 77 , මොහමඩ් අබ්බාස් 4/77

පකිස්ථාන දෙවන ඉනිම – 57-0

ශාන් මසූඩ් 135, අබ්ඩි අලි 174, ලහිරු කුමාර – 2/88

පකිස්ථානය ශ්‍රී ලංකාට වඩා ලකුණු 315ක් ඉදිරියෙන් සිටී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top