පළමු තරගයේ ජය නවසීලන්තයට…

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවාසීලන්තය අතර.ඒ සිඩ්නිහිදී.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා. නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවක් ගොඩ නැගුවා. ෆින් ඇලන් ලකුණු 42 යි. නායක කේන් විලියම්සන් ලකුණු 23ක් රැස් කළා. ජේම්ස් නීශම් පන්දු 13 කදී නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 26 ක්. නවසීලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩෙවෝන් කොන්වේ නොදැවී රැස් කළ ලකුණු රැස්කළ ලකුණු සංඛ්‍යාව 92 ක්.පන්දු 58ක දී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත්. පන්දු යැවීමේදී ජෝෂ් හැස්ල්වුඩ් කඩුලු 2 යි.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 17 යි පන්දුවක අවසානයේ සියලු දෙන දැවී රැස් කිරිමට හැකි වුණේ ලකුණු 111 ක් පමණයි. ඒ අනුව නවසීලන්තය තරගය ජය ගත්තේ ලකුණු 89කින්. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 28 ක් රැස් කළා. මිචෙල් මාෂ් ලකුණු 16 යි. පැට් කමින්ස් ලකුණු 21 යි. පන්දු යැවීමේදී ටිම් සවුති සහ මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් දවා ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top