ප්‍රතික්ෂේප වීම් වලට දස්කම් වලින් පිළිතුරු දුන් චමරිට තරගාවලියේ වීරයා සම්මානය

මෙවර බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පසුගිය සැප්තැම්බර් මස පැවත්විණි. එහිදී කිසිදු කණ්ඩායමක් විසින් චමරි අතපත්තු තෝරා නොගත් අතර ඉන් අනතුරුව ක්‍රීඩක ආදේශනයක් ලෙසින් චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි.

ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී ඇයව කණ්ඩායම් වලට තෝරා නොගැනීමේ වාඩුවට දස්කම් වලින්ම පිළිතුරු සපයන්නට චමරි අතපත්තු වගබලාගන්නේ තරගාවලියේ වීරයා බවට ද පත් වෙමිනි. තරගාවලියේ වීරයා තේරීම සදහා එක් එක් තරගය විනිශ්චය කළ විනිසුරුවරුන්ගේ ඡන්ද විමසුමක් පැවති අතර එක් ඡන්දයක් වැඩියෙන් ලබාගත් චමරි තරගාවලිය වීරයා ලෙසින් නිර්දේශ විය.

චමරි අතපත්තු මෙවර තරගාවලිය තුළ දී තුන් ඉරියව්වවෙන්ම කැපීපෙනෙන දස්කම් පාන්නට සමත් විය. ඇය තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වෙමින් ඉනීම 13ක් තුළදී ලකුණු 511ක් රැස්කිරීමට සමත් වූයේ 42.58ක පිතිකරණ සාමාන්‍යයක් හා 129.69ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමිනි. පිත්තෙන් පමණක් නොව පන්දුවෙන් ද දස්කම් පෑ ඇය කඩුලු 9ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තැබූ චමරි අතපත්තුට Ceylon Sports අපි උණුසුම් සුබපැතුම් එක් කර සිටිමු.

Back To Top