ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්රධානතම විස්සයි-20 ක්රිකට් තරගාවලි 2024 ශූරතාව දිනා ැනීමට එන්.සී.සී. ක්රීඩා සමාජය අද සමත්විය. කොළඹ පී.සරා ක්රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර 10.1 කදී ලකුණු 54 කට දවාලීමට ලසිත් ඇඹුල්දෙණිය ප්රමුඛ එන්.සී.සී. පන්දු යවන්නෝ සමත්වූහ. ලසිත්ට අමතරව මතීෂ පතිරණ සහ චාමික කරුනාරත්න කඩුලු 2 ක බැගින් බිඳ හෙලූහ.
ඉලක්කය හඹා යෑමේදී එන්.සී.සී. කණ්ඩායම වැය කරන ලද්දේ පන්දුවාර 5.5 ක් පමණි. ඉනිම ඇරැඹි පැතුම් නිස්සංක ලකුණු 18 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15* ක් ලබා ගත්හ. අවසන් මහ තරගයේ වීරයා වශයෙන් කුසලාන සහ රු. 75,000, කඩුලු 3 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සම්මාන දිනා ගනිද්දී තරගාවලියේ වීරයා වශයෙන් සමස්ථ තරගාවලියේ පන්දුවෙන් කඩුලු 8 ක් සහ පිත්තෙන් ලකුණු 89 ක් ලබාගැනීමට සමත්වූ චාමික කරුණාරත්නද සම්මාන දිනා ගත්තේය. තරගාවලියේ වීරයා වෙනුවෙන් කුසලාන සමග මුදලින් ලක්ෂ 2 ක් පිරිනැමිණ.
ඊට අමතරව දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තරග 4 කදී කඩුලු 10 ක් දවා කෝල්ට්ස් ක්රීඩා සමාජයේ අකිල ධනංජය ද දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 4 කදී ලකුණු 137 ක් රැස් කිරීමට සමත් ඒස් කැපිටලන් ක්රීඩා සමාජයේ පවන්ත වීරසිංහ සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාටම අදාළ කුසලාන සමඟ රුපියල් ලක්ෂ බැගින් පිරිනැමිණ.
මෙම ජයසංකේත ප්රධානයම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ තරග සංවිධාන කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණ.
බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා සමාජය පන්දුවාර 10.1 කදී ලකුණු 54 යි – (හසිත බෝයෙගොඩ 13, කසුන් අබේරත්න 13, රවිදු ප්රනාන්දු 11, චාමික කරුණාරත්න 21/2, ලසිත් ඇඹුල්දෙණිය 05/3, මතීෂ පතිරණ 09/2)
එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 55 යි – (පැතුම් නිස්සංක 18, නිරෝෂන් දික්වැල්ල 15*, කමිල් මිශාර 11*, රවිඳු ප්රනාන්දු 55/2)