පාකිස්තානයට තවත් පරාජයක්

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වුණේ පර්ත් හිදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ කළ ලකුණු 130 ක් පමණයි. ශෝන් විලියම්ස් ලකුණු 31යි. පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 4ක් සහ ශඩාබ් ඛාන් කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129 පමණයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමිවුණා. පාකිස්තානය වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 44 ක් රැස් කළා. පන්දු යැවීමේදී සිකන්දර් රාස කඩුලූ තුනක් කඩුළු 3ක් දවාගත්තා. මෙම පරාජයත් සමඟ පකිස්ථානය ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තමන් සහභාගී වූ සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top