Headline

පාකිස්තානයේ ආරක්ෂාව පිළිබදව කණ්ඩායම් අතර විශ්වාසය ගොඩ නැගෙමින් තිබෙන බව කුමාර් සංගක්කාර පවසයි.

[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් එම් සී සී ක්‍රිකට් කණ්ඩායම තරග 4 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්ථානයේ ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා. කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුලත්.

මෙහිදී කුමාර් සංගක්කාර පවසා ඇත්තේ පාකිස්ථානයේ ආරක්ෂාව පිළිබද අනෙකුත් කන්ඩායම් සදහා විශ්වාසය ගොඩ නැංවීම සදහා මෙය තවත් හොද අවස්ථාවක් බවයි. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරටදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම තාවකාලිකව නතර කෙරුණා. මේ වන විට යළිත් ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්ථානයට පැමිණීම ආරම්භ කර තිබෙනවා. පසුගිය මාස 2 ක කාලය තුල ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් පාකිස්ථානයේ සංචාරය ටෙස්ට් හා 20 යි 20 තරගාවලි සදහායි. බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර තරගාවලිය මේ වන විටත් පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයද මේ වන විට සාකච්චා මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ. කුමාර් සංගක්කාර විශ්වාසය පළ කරන්නේ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්ථානයේ සංචාරය කිරීම ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම නිමාවූ තරගාවලීන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව හේතුවෙන් එම විශ්වාසය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවයි සංගක්කාර පවසන්නේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top