පාකිස්තානය නව පුහුණුකරුවෙක් යටතේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරගාවලියට ?

එළැඹෙන ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව ESPNcricinfo වාර්තා කරයි.

ESPNcricinfo ට අනුව, පාකිස්තාන ක්‍රිකට් පාලල මණ්ඩලය විසින් කණ්ඩායම් අධ්‍යක්ෂ ධූරය සහ ප්‍රධාන පුහුණුකරු තනතුර ඒකාබද්ධ කර ඇත. හෆීස් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරග තුනේදී සහ නවසීලන්තයේ දී පිළිවෙළින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී පැවැත්වෙන විස්සයි20 තරග පහේදී ප්‍රධාන පුහුණුකරු මෙන්ම අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කිරීමට නියමිතය.

හෆීස් පාකිස්තාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙසින් කටයුතු කළේය. හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා 2017 වසරේ එංගලන්තයේ පැවැති ICC ශූරයන්ගේ කුසලානය දිනාගත් පාකිස්තාන පිරිමි කණ්ඩායමේ සාමාජිකයෙක් විය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාකිස්තාන පුහුණු කාර්ය මණ්ඩලයේ ව්‍යුහය වෙනස් කිරීමට තීරණය ඇත. සියලුම පුහුණුකරුවන් ජාතික ක්‍රිකට් ඇකඩමියේ වැඩ කරන අතර ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වීමට නියමිත තරගමාලා වෙනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණු කාර්ය මණ්ඩලයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

Back To Top