පාකිස්තානය යළිත් මුදුනා වද්දී ශ්‍රී ලංකාවට පසුබසින්නට සිදුවෙයි.

[vc_row][vc_column][vc_column_text]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛස්ථානයට යළිත් වරක් හිමිකම් කීමට පාකිස්තානය සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පාකිස්තාන කණ්ඩායම නැවතත් පළමු ස්ථානයට පත් වී ඇත.

ශ්‍රී ලංකාව සමග පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළද මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාවට හිමි වී ඇත්තේ දෙවන ස්‍ථානයයි. පකිස්ථානයට ආසියානු කුසලාන කිරුළ හිමිකර ගැනීමට නොහැකි වූ නමුත් අනෙකුත් තරඟවලදී ඔවුන්ගේ දස්කම් නිසා ඔවුන්ට පෙරමුණ හිමි වී ඇත.

මේ වන විට ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පකිස්ථානය සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම ලකුණු 115 ක් හිමිකොටගෙන ඇත. කෙසේ වෙතත් පාකිස්තානය දශම ලකුණු වලින් ඉදිරියෙන් සිටියි. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 113ක් ලබා තෙවැනි ස්ථානයට පත්වී ඇත. ඊයේ දිනයේ දී ලද පරාජය සමගින් යළිත් එක්දින ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානය තෙක් පසුබසින්නට ශ්‍රී ලංකාවට සිදුවී ඇත. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 92ක් හිමිකොටගෙන ඇත. ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කළ බංග්ලාදේශය 7 වැනි තැනට පත් වී ඇත්තේ ප්‍රසාද ලකුණු 94ක් සමගිනි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top