පාකිස්තාන සුපර් ලීගයට දසුන්, මහීෂ් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40ක් ලියාපදිංචි වෙයි

දෙසැම්බර් 13 වනදා ජාතික ක්‍රිකට් ඇකඩමියේදී පැවැත්වෙන HBL-Pakistan Super League Players’s Draft සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් 485 දෙනා අතර දකුණු අප්‍රිකානු ප්‍රමුඛ පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඇතුළත් වී ඇත.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ සිටින හෙන්රික්ස් සහ පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ රැදී සිටින මහීෂ් තීක්ෂණ මින් පෙර පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කර නොමැත.

එංගලන්තයේ ක්‍රීඩකයින් වැඩි පිරිසක් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇත. වමතින් දඟ පන්දු යවන අකිල් හුසේන්, කිරන් පොලාඩ්, රෝමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඩ්, බ්‍රැන්ඩන් කිං සහ කයිල් මේයර්ස් ඇතුලු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ද ඊට ලියාපදිංචි වී ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි, වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකි සහ දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් ඇෆ්ගනිස්තානයෙන් මෙවර ලියාපදිංචි වූ ක්‍රීඩකයන් අතරට ඇතුළත් වී ඇත. තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරට මහීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක, චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, සධීර සමරවික්‍රම ඇතුළත්ය.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් එංගලන්තයෙන් 158ක්ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 58ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40ක්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් 36ක්, දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් 30ක්, බංග්ලාදේයෙන් 21ක් නවසීලන්තයෙන් 18ක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 16ක් , සිම්බාබ්වේ 11ක් සහ අයර්ලන්තයෙන් ක්‍රීඩකයන් 9ක්ද ලියාපදිංචි වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය කණ්ඩායම තුළම රදවා ගැනීමට Quetta Gladiators කණ්ඩායම තීරණය කොට තිබෙනවා.

Back To Top