පාපැදි තරගාවලියේ ශූරතාව එච්.ආර්. තරිදු සඳරුවන්

[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2020  පාපැදි තරගාවලිය (පිරිමි) කතරගම බස්  නැවතුම්පොළ ඉදිරිපිට දී අද (26) උදෑසන පෙ.ව. 6.30ට පැවැත්විණි.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සිදු විය.මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රීඩකයින් 186 දෙනෙකු මෙම තරගාවලියට එක්වූහ.තරගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 158.08කි.

 

පාපැදි තරගාවලියේ ශූරතාව  දකුණු පළාත නියෝජනය කළ එච්.ආර්. තරිදු සඳරුවන්ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි.අනුශූරතාව බස්නාහිර පළාත නියෝජනය කළ කේ.ආර්.කේ.ආර්. සුරංග රණවීර ක්‍රීඩකයා දිනා ගත්තේය.

තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ තුෂාන් රාජපක්ෂ ක්‍රීඩකයා විසිනි.ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරීම  මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුමාරසිරි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්  කතරගම ප්‍රධාන බස් නැවතුම්පොල පරිශ්‍රයේ දී  පැවැත්විණි.

පාපැදි තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන  – 2021-03-29

 

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

 

එච්.ආර්. තරිදු සඳරුවන්

 

 

දකුණු

පළාත

 

 

03.40: 34

ජය සංකේතය සමග මුදලින්

රු. 50,000/-ක්

 

2 වන ස්ථානය  

කේ.ආර්.කේ.ආර්. සුරංග රණවීර

 

බස්නාහිර පළාත

 

 

03.40: 35

ජය සංකේතය සමග මුදලින්

රු. 40,000/-ක්

 

3 වන ස්ථානය  

තුෂාන් රාජපක්ෂ

 

බස්නාහිර පළාත

 

 

03.40: 42

ජය සංකේතය සමග මුදලින්

රු. 30,000/-ක්

 

4 වන ස්ථානය  

එල්.එස්.චමෝද් ද සිල්වා

 

බස්නාහිර පළාත

 

 

03.42: 53

ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 20,000/-ක්

 

5 වන ස්ථානය  

එස්.ඒ.එස්.දීමන්ත

බස්නාහිර පළාත

 

03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ඩී.ඒ.සුරේෂ් ප්‍රසංග දකුණු

පළාත

03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 16,000/-ක්

 

7 වන ස්ථානය එස්.එම්. එන්.පසිදු තෙසේරා බස්නාහිර

පළාත

03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ඒ.පී. නිෂාන් ලංකා මෙන්ඩිස් දකුණු පළාත

 

03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්     රු. 12,000/-ක්

 

9  වන ස්ථානය පී.චරිත් නිර්මල ප්‍රනාන්දු බස්නාහිර

පළාත

 

03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 10,000/-ක්

10  වන ස්ථානය පී.ජේ.එම්.ජේ. සිල්වා බස්නාහිර පළාත 03.42: 53 ත්‍යාග පාර්සලය සමග මුදලින්

රු. 8,000/-ක්

 

 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කුමාරසිරි රත්නායක මහතා සහභාගී වූ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම් මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අනිල් රංග, කතරගම පොලිස් ස්ථානාධිපති ලියනගමගේ, නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති බන්දුල එගොඩගේ, නෙස්ලේ ලංකා සමාගමේ කිරි ආහාර නිෂ්පාදන අංශයේ උප සභාපති රුවන් වැලිකල යන මහත්වරු එක්ව සිටියහ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top