පාසල් ක්‍රිකට් පිටිය මාර්තු මස සිට සක්‍රීය වෙයි

[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ මාර්තු මාසයේදී පවත්වන බවට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තහවුරු කොට ඇත. මෙවර තරගාවලිය සාමාන්‍ය දෙදින ආකෘතිය වෙනුවට පන්දුවාර 50කින් සමන්විත එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

පාසල් ක්‍රිකට් සංගමය තරගාවලිය සැලසුම් කළ ආකාරයට පැවැත්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවන තෙක් රැදී සිටියි. තරගාවලිය මාර්තු මස 15වන දින ආරම්භ වීමට වැඩි ඉඩක් පවතින අතර එම දින වකවානුවල යම් වෙනසක් සිදුවිය හැකිය.

පළමු කාණ්ඩයට හා දෙවන කාණ්ඩයට ඇතුළත් කණ්ඩායම් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන අතර අනතුරුව එම ප්‍රධාන කොටස් දෙකද අනු කොටස් කොටස් තුන බැගින් වෙන් කිරීමට නියමිතය. ඒ අනුව එක් අනු කොටසකට කණ්ඩායම් හය බැගින් ඇතුළත්ය. එක් කණ්ඩායමකට මූලික වටයේදී තරග 5කට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

ලීග් තරග වටය අවසන් වීමෙන් අනතුරුව පිළිමලුන් පිටු දැකීමේ තරග වටය පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග , අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය පිළිවෙලින් අප්‍රේල් මස 20, 25 හා 30 යන දිනයන්හිදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. මූලික වටයේ සියලු තරගයන් අදාළ පාසල් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top