Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

පොලොන්නරුවේ බාලිකා පාසලකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ

[vc_row][vc_column][vc_column_text]කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

පිති, හිස්වැසුම්, අත් ආවරණ, පා ආවරණ, ක්‍රිකට් සඳහා භාවිතා කරන අනෙක් මෙවලම් ඇතුළු උපකරණ කට්ටලයට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතයට ගැනෙන ලණු පැදුරක්ද (මැටිං) ලබා දෙන ලද උපකරණ අතර විය.

දක්ෂතාවයන්ගෙන් හෙබි සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්මාණය කර ඇති ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ සිදුකරන ලද මෙම උපකරණ බෙදාදීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී ලෙසින් කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මියගේ, කාන්තා ක්‍රිකට් මෙහෙයුම් හා සංවර්ධන උපදේශක ලුතිනන් කර්නල් මනූජ කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැත්විණ.

උපකරණ භාර ගැනීම සඳහා එම පාසලේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ජනක ප්‍රියනාත් මහතා පැමිණ සිටි අතර එහිදී අදහස් දක්වමින්, බාලිකා ක්‍රීඩිකාවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් ක්‍රිකට් පුහුණුවීම් සඳහා සහභාගිවන බවත්, එළැඹෙන පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු වරට පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට සූදානම්ව සිටින බව සඳහන් කර සිටියේය.

උපකරණ තොගය ලබාදීමට අමතරව පුහුණුකරු ප්‍රියනාත් මහතාට පළමු පෙළ පුහුණු පාඨමාලාව හැදැරීම සඳහා ශිෂ්‍යත්වයක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top