බංගලාදේශ එක්දින තරඟාවලියට ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතය.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන මැයි මස 23 වන දින බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. එක්දින තරඟ තිත්වයම පැවැත්වෙන්නේ ඩකාහි ශරේ බංගලා ක්‍රීඩා පිටියේදී.

මේ අතර වාරයේදී අද Daily News පුවත්පත විසින් මෙම තරඟාවලියට ක්‍රීඩා කළහැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ එම ක්‍රීඩකයින් සහ සංචිතය පිළිබඳ ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු පළ කර තිබූ අදහස් ද සමඟින්.

ඒ අනුව බංගලාදේශයට එරෙහි එක්දින තරඟාවලියට ක්‍රීඩා කළහැකි සංචිතය පහත පරිදි වේ.

  1. කුසල් ජනිත් පෙරේරා (නායක)
  2. ධනුෂ්ක ගුණතිලක
  3. කුසල් මෙන්ඩිස්
  4. පැතුම් නිස්සංක
  5. අවිශ්ක ප්‍රනාන්දු
  6. ධනංජය ඩි සිල්වා
  7. නිරෝෂන් දික්වැල්ල
  8. වනිඳු හසරංග
  9. අශේන් බණ්ඩාර
  10. දසුන් ශානක
  11. ඕෂධ ප්‍රනාන්දු
  12. දුෂ්මන්ත චමීර
  13. බිනුර ප්‍රනාන්දු
  14. රමේෂ් මෙන්ඩිස්
  15. චාමික කරුණාරත්න
  16. ශිරාන් ප්‍රනාන්දු
  17. අසිත ප්‍රනාන්දු
  18. අකිල ධනංජය

මේ අනුව මෙම සංචිතයට නායකත්වය දීමේ වගකීම බොහෝ විට කුසල් ජනිත්ට පැවරෙනු ඇති බවත්, උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇති බවත් ක්‍රිකට් ආයතන තොරතුරු මුලාශ්‍ර සඳහන් කර තිබෙනවා.

අනාගතය වෙනුවෙන් බාපොරොත්තු තැබිය හැකි තරුණ ක්‍රීඩකයින් රැසක් 2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්ම මේ ආකාරයෙන් සංචිතයට ඇතුළත් කර ඇති බවත් එම තොරතුරු මුලාශ්‍ර සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම තරුණ ක්‍රීඩකයින් බහුතරයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙණු ඇති. තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මැයි මස 16 වනදා මෙරටින් පිටත් වීමට නියමිතයි.

Cree-da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top