ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි.
නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට ඊයේ දිනයේද වාර්තා පළ විය. නමුත් මේ වන විට ක්‍රීඩාංගණය අවට තත්ත්වය තක්සේරු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. ICC සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය සියලු සහභාගිවන්නන්ගේ යහපැවැත්ම බැරෑරුම් ලෙස සලකන බැවින් මේ වන විටත් දිල්ලියේ වාතයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කකරමින් සිටියි. ක්‍රීඩාංගණය හා ඒ අවට තත්ත්වය තක්සේරු කිරීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවටත් තොරතුරු වාර්තා වෙයි.
දිල්ලි නුවර සහ ඒ අවට වායු දූෂණය ඉහළ ගොස් ඇති අතර AQI එලෙසම පැවතුනහොත් තරඟය අතහැර දැමීමට සිදුවනු ඇත. තරඟය අතරතුර ක්‍රීඩකයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි මට්ටමට පරිසර දූෂණය ඉහළ ගොස් ඇති බව විශේෂඥයින් පවසා ඇත. එසේම, උග්රවන දූෂක ද්‍රව්‍ය සමඟ දුමාරය දිල්ලි නගරයේ අහස ආවරණය කරගෙන ඇත. මේ අතර, සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම ගැටලුවක් විය හැකි බවත් දෘශ්‍යතා ගැටළුවක් ඇති කළ හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සටහන් වී ඇත.