බටහිර ඉන්දීය කොදෙව්න් සම්පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් ලබති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර තෙවන හා අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය අද ඉන්දියාවේ ලක්නව්හි එක්නා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි..අද තරඟය ආරම්භ වීමට පෙරම තරඟාවලි ජයග්‍රහණය ලබා සිටි කොදෙව් කණ්ඩායම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන්  පන්දු යැවීමට තීරණය කරන ලදී.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අද බ්‍රෙන්ඩන්  කිං එක්දින වරම් දිනා දිනාගැනීමට සමත්විය.

සිය පන්දු පන්දුවාර 50 අවසානයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ළකුණු 249ක්  ලබා ගැනීමට සමත් විය. ඇෆ්ගන් ඉනිමේ නැංගුරම බවට පත්වූ හිටපු නයක ඇස්ගර් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් විය. එසේම සාසි හා නාබි ලකුණු 50 බැගින් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කිමා පෝල් කඩුලු 3ක් හා අල්සාරි ජෝෂප් කඩුලු 2ක් බිඳ හෙලන ලදි .
පිළිතුරු ඉණිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායමේ ආරම්භය යහපත් නොවුනේ ලකුණු 4 කට කඩුලු 2 බිඳ වැටීම හේතුවෙනි.. මෙහිදී ඉනිමේ නැංගුරම බවට පත්වූ  ෂායි හෝප් හා බ්‍රෙන්ඩන් කිං තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සම්බන්ධතාවයක් එක් කරමින් කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දැමීමට සමත් විය.
ඉන් අනතුරුව නිකලස් පූරන් හා කිරන් පොලාර්ඩ් හෝප් සමග එක්ව කොදෙව් ළකුණු පුවරුව ළකුණු 182ක් දක්වා ඉහළ දැමීමට සමවිය..
මේ අතරතුරේ දී සිය හත්වන එක්දින ශතකය වාර්තා කළ ශායි හෝප් අඩුම ඉනීම් ගණනකින් ශතක හතක් වාර්තා කළ කොදෙව් ක්‍රීඩකයා බවට පත්වීමට සමත් විය…ඔහු විසින් බිඳ හෙළනු ලැබුවේ සර් විවියන් රිචර්ඩ්ස් සතුව තිබූ වාර්තාවකි.
පන්දුවාර 48.4ක් අවසානයේ නියමිත ඉලක්ක කරුණු 5 ක් පමණක් දැවී සපුරා සපුරාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වූ අතර නොදැවී ක්‍රීඩා කළ හෝප් ළකුණු 109ක් හා රොට්ස්මන් චෙස් ළකුණු 42ක් ලබා ගැනීමට සමත්විය..
මෙම ජයග්‍රහණයත් සමඟින් කොදෙව් කණ්ඩායම 3-0ක් ලෙස තරගමාලා ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වූ අතර ඇෆ්ගනිස්තානය නොකඩවා ළද දොළොස් වන එක්දින තරග පරාජය බවට මෙම පරාජය පත්විය.
තරගයේ වීරයා ලෙස ශායි හෝප් නම් කල අතර තරගාවලියේ වීරයා බවට පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ රොට්ස්මන් චේස් නම් කරන ලදි.
ඇෆ්ගනිස්තානය 249 – 7 (50) ඇස්ගර් 86 , සාසි 50 , නාබි 50 කෙමා පෝල් 3 -44
බටහිර ඉන්දීය කොදෙව් 253 – 5 (48.4) හෝප් 109 , චේස් 42 මුජීබ් 2 – 49
Back To Top