මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 900 කඩයිම පසුකරයි

වමත් දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 900 සීමාව පසු කරන්නට සමත් විය. ඒ අනුව ඔහු පළමු පෙළ කඩුලු 900 සීමාව පසු කළ සිව්වන ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

අන්තර් සමාජ තුන් දින තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ කඩුලු 5ක් දවාගනිමින් පළමු පෙළ කඩුලු 900 සීමාව පසු කිරීමට මලින්ද පුෂ්පකුමාර සමත් විය.

මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ තරග 155ක් තුළදී කඩුලු 901ක් මේ වන විට දවාගැනීමට සමත් වී ඇත. ඊට කඩුලු 5හි අවස්ථා 76ක් හා කඩුලු 10හි අවස්ථා 25ක් ඇතුළත්ය. මින් පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ කඩුලු 900 සීමාව පසු කොට ඇත්තේ මුත්තයියා මුරලිදරන්(1374), රංගන හේරත්(1080)ක් හා දිනුක හෙට්ටිආරච්චි(1001) පමණි.

Back To Top