Headline

මහනුවර කණ්ඩායමට පහසු ජයක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අත්නර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 3ක් මෙම සෙනසුරාදා (25) පැවැත්වුණා.

මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරග තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී.එහි පළමු වටයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 12 ක් රැස් කළා. ප්‍රතිවාදී ගුවන් හමුදාව එහිදී රැස් කළේ එක් දඩුවම් පහරක් පමණයි. ඒ අනුව පළමු අර්ධය නිමා වුණේ ලකුණු 12 ට 03 ක් ලෙස මහනුවර කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. තරගයේ දෙවැනි අර්ධයේදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශණය කළ මහනුවර කණ්ඩායම තවත් ලකුණු 43 ක් රැස් කළා. නමුත් එම අර්ධයේදී ගුවන් හමුදා රැස් කළේ ලකුණු 5 ක් පමණයි. ඒ අනුව ලකුණු 55 ට 08 ක් ලෙස තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි වුණා. ජයග්‍රාහී මහනුවර ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ ගෝල දිනුම් 6 ක් උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහරක් මගින්.

මේ අතර නාවික හමුදා සහ සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය සෙනසුරාදා (25) පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේදී පෙරමුණ ගත් නාවික හමුදාව ගෝල දිනුම් 2 ක් සාර්ථක කර ගනිමින් ලකුණු 14 ක් රැස් කළා. ප්‍රතිවාදී සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩකයින් එම අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 8 ක්. දෙවැනි අර්ධයේදී සී ආර් ක්‍රීඩකයින් තවත් ලකුණු 15 ක් රැස් කිරීමට සමත් වුණා. පලමු අර්ධයේ පෙරමුණ ගත් නාවික හමුදාව එහිදී ලබා ගත්තේ ලකුණු 5 ක් පමණයි. ඒ අනුව ලකුණු 23 ට 19 ක් ලෙස තරගයේ ජය හිමි කර ගත්තේ සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමයි. ජයග්‍රාහී ක්‍රීඩකයින් ලකුණු රස් කළේ ගෝල දිනුමක් උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහර දෙකකින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top