මහීශ් එනවිට ස්ටාක් ආබාධයකට ලක්වේ

[vc_row][vc_column][vc_column_text]

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරඟ වදින දෙවන තරඟය ලෙසින් ඕස්ට්‍රේලියාව සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ඩුබායි හීදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මෙතෙක් මෙවර ලෝක කුසලානයේදී හමුවන ප්‍රභලතම ප්‍රතිවාදියා ලෙසින් ඕස්ට්‍රේලියාව හැඳින්වීමට හැකි වනවා. කෙසේ වුවත් මේ දින වලදී ඕස්ට්‍රේලියා කණ්ඩායම තමන්ගේ රිද්මය ගිළිහී ගිය තත්ත්වයක රැඳී සිටියත් ඔවුන් සාම්ප්‍රදායික ලෙසින් ICC තරඟාවලි වලදී සාර්ථක වීම ගැන අවධානය යොමු කළ යුතු වනවා.

තීරණාත්මක ක්‍රීඩයකන්,

ඕස්ට්‍රේලියාව දෙසින් ගත්කළ ආරම්භක පිතිකරුවන් දෙපළ වන ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් යන ක්‍රීඩකයන් දෙපළම අසාර්ථක තරඟ සමයක් පසු කරමින් ලකුණු සොයා යෑමට උත්සාහ කරමින් සිටිනවා. මේ නිසාවෙන්ම ඔවුන් දෙදෙනාගෙන් අයෙක් පිටියේ ස්ථාවර වීම ශ්‍රී ලංකාවට තර්ජනයක් වීමට ඉඩ ඇති කාරණයක්. දෙවනුවට ශ්‍රී ලංකාව වඩාත්ම අවධානය යොමු කළ යුතු පිතිකරු වන්නේ ස්ටීවන් ස්මිත් ය. ඔහු සුපිරි 12 ඕස්ට්‍රේලියා පළමු තරඟයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඉවසිලිවන්ත ඉනිමක් දියත් කිරීමට සමත් වුණා. විශේෂයෙන්ම තණතීරුව මන්දගාමී වද්දී පිටියේ ස්ථාවර වෙමින් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙක් ලෙසින් ස්මිත්ව හඳුන්වා දිය හැකියි.

ග්ලෙන් මැක්ස්වෙල් පසුගිය IPL තරඟාවලියේ දෙවන අදියරේදී මෙම තණතීරු වලදී විශේෂ දස්කම් දැක්වීමට සමත් වුණා. අනෙක් කාරණය වන්නේ මැක්ස්වෙල් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරඟ වලදී සාර්ථක වීමයි. අවසාන වශයෙන් පිතිකරණ බලඇණියේ ප්‍රධාන සාධකය වන්නේ මාකස් ස්ටොයිනස් ය. ඔහුද IPL ක්‍රීඩා කරමින් මෙම වසරේ මෙන්ම පසුගිය වසරේද මෙම තණතීරු වල ක්‍රීඩා කොට අත්දැකීම් ලැබු අයෙකි. මේ නිසාවෙන්ම මෙම පිතිකරුවන් ඉක්මනින් දවා ගැනීමට හෝ වේගවත් ඉනිම් කරා යාමට ඉඩ නොදී තබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු වනවා.

පන්දු යැවීමේ අංශයෙන් මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් දෙදෙනා වේග පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කළත් වඩාත් අවධානය යොමු වියෙ යුත්තේ ජොශ් හේසල්වුඩ් කෙරෙහියි. ඔහු පසුගිය IPL තරඟාවලියේදී මෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයේදීද හොඳින් පන්දු යැවීමට සමත් වුණා. මනා පාලනයකින් යුක්තව පන්දු යවන ඔහුට එරෙහිව ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් වඩාත් සැලකිලිමත් විය යුතු වනවා. ඕස්ට්‍රේලියා දඟ පන්දු යවන බලඇණිය එතරම් ශක්තිමත් නොවූවත් ඇඩම් සැම්පා අවස්ථා ගණනාවකදීම තම හැකියාව පෙන්නුම් කළ පන්දු යවන්නෙක්. ඕස්ට්‍රේලියාව දෙසින් ශ්‍රී ලංකාව වඩා අවධානය මොවුන් කෙරෙහි යොමු කළ යුතු වනවා.

ශ්‍රී ලංකාව දෙසින් ගත් කළ මහීශ් තීක්ෂණ නැවත වතාවක් ක්‍රීඩා කිරීම තීරණාත්මකම සාධකයයි. අවසන් වරට 2009 වසරේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයකදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරද්දී අජන්ත මෙන්ඩිස් විසින් ඕස්ට්‍රේලියා පිතිකරුවන් හට එල්ල කළ තර්ජනය මහීෂ් හටද එල්ල කළ හැකියි. දෙවැන්න නම් ශ්‍රී ලංකා ආරම්භය ස්ථාවර වීමයි. තවමත් අසාර්ථක වෙමින් සිටිනා කුසල් පෙරේරා තමන්ගේ ලකුණු ලබාගන්නා ඉනිම බවට ඕස්ට්‍රේලියා තරඟය පත්කරගතහොත් ඔහුට තරඟාවලිය පුරාවට වඩා විශ්වාසයෙන් ක්‍රීඩා කළ හැකි වනවා.

චරිත් අසලංක, භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් දිගටම තමන්ගේ රිද්මය පවත්වා ගැනීම වැදගත් වනු ඇති. ඒ වගේම අයර්ලන්ත තරඟයේදී සහ බංග්ලාදේශ තරඟයේදී ලකුණු නොලබා දැවී ගිය අවිශ්ක ප්‍රනාන්දු විසින් මීට පෙර තරඟ වල තමන් පවත්වා ගත් රිද්මයට නැවත වතාවක් එළඹීමට මෙම තරඟය උපකාරී කරගත යුතුයි. ඕස්ට්‍රේලියාවට නොමැති ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම වාසිය වන්නේ දඟ පන්දු යැවීමයි. මේ නිසාවෙන්ම මහීෂ් තීක්ෂණ සමගින් වනිඳු හසරංග ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙපළ ලෙසින් ඕස්ට්‍රේලියාවට පීඩනය යොමු කළ යුතුයි.

වේග පන්දු යැවීම ගත්කළ අත්දැකීම් අතින් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටියත් වර්තමානයේ දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර දෙදෙනා පවත්වාගෙන යන රිද්මය මගින් ඕස්ට්‍රේලියා පිතිකරුවන් හට අවශ්‍ය පීඩනය එල්ල කළ හැකි වනවා. ඔවුන් දෙදෙනාට අමතරව චාමික කරුණාරත්න මෙන්ම පිටිය මන්දගාමී නම් දසුන් ශානකගේ පන්දු වලින්ද ශ්‍රී ලංකාව අතිරේක වාසියක් ලබා ගැනීම කළ යුතුයි.

පිටියේ හැසිරීම

මේ වන විට ලෝක කුසලානයේ ඇතැම් දිනවල තණතීරු පිතිකරුවන් හට යෝග්‍ය ලෙසින් හැසිරෙන අතරම ඇතැම් දින වලදී මන්දගාමී ලෙසින් හැසිරෙන තණතීරු වල පන්දු යවන්නන් තමන්ට යෝග්‍ය පරිදි පන්දු යැවීම් සිදු කරනු ලබයි. නමුත් පසුගිය තරඟ වලදී ඩුබායි තණතීරුව එලෙස එක් පාර්ශවයකට වාසි ලෙසින් කටයුතු කෙරුනේ නෑ. මේ නිසා මෙම තරඟයට 50/50 ආකාරයේ තණතීරුවක් ලැබිය හැකි බව විශ්වාස කළ හැකියි. ඒ අනුව ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දු යැවීමට සිදු වුවොහොත් ඕස්ට්‍රේලියාව ලකුණු 150 කට වඩා අඩුවෙන් තබා ගැනීමද ශ්‍රී ලංකාව මුළින් පන්දුවට පහර දුන්නොත් ලකුණු 165 – 170 අතරේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම මගින් හොඳ තරඟයක් ලබා දීමට හැකි බව අපගේ අදහසයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top