මා කෙරේ විශ්වාසය තැබුවාට තේරීම් කමිටුවට ස්තුතියි – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි. තරඟයට පෙරාතුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තමාගේ පිතිකරණ දුර්වලතා පිළිබඳව අදහස් දක්වා ඇත. ආසියානු කුසලාන තරඟාවලියේ අඩු ලකුණු රැස්කොට සිටියදී තමා කෙරේ විශ්වාසය තැබීම පිළිබඳව තේරීම් කමිටුව සිය කෘතඥතාවය පළකිරීමට දසුන් කටයුතු කොට ඇත. ඔහු තරගාවලියේ මෙතෙක් පැවති තරඟ හය තුළ දීම රැස්කළේ ලකුණු 54ක් පමණයි.

මම කණ්ඩායම් මෙහෙයවන්න ගියාම මගේ පිතිකරණය පිළිබඳව සංසන්දනය කරන්නේ නෑ. මැද පෙළ පිතිකරුවෙක් වෙනවට වඩා මගේ තීරණ ගැනීම වැදගත්. මම කොයි වෙලාවකවත් කියන්නේ නෑ පිතිකරණය වැදගත් නෑ කියලා. නමුත් ඒ වෙලාවෙම පිතිකරන ඒ වෙච්චි දේවල් ඔක්කොම මම අමතක කරන්න ඕනේ..

තීරණ ගන්න වෙලාවෙදි මම සන්සුන් සංසුන්ව ඉන්න ඕනේ. මා කෙරේ විශ්වාසය තැබුවට මම තේරීම් කමිටුවට ස්තූතිවන්ත වෙනවා. මගෙන් නායකත්වයේ උපරිමය ලබා ගැනීමට පුහුණු කාර්ය මණ්ඩලය දෙන සහයෝගයටත් ස්තුතියි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top