මේධානී ජයමාන්න ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනි

[vc_row][vc_column][vc_column_text]ලෝක කණිෂ්ඨ මලල ක්රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට මේධානී ජයමාන්න සමත් වුණා .ඒ 60 වන ඉන්දීය අන්තර් ප්රාන්ත මලල ක්රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේදී තත්පර 24.08ක කාලයක් වාර්තා කරමින්. ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම ද මේධනි ජයමාන්න ට හිමිවුණා.

ලෝක කනිෂ්ඨ මලල ක්රීඩා තරඟාවලියේ තරගාවලියේ පරිසාදන මට්ටම වූයේ තත්පර 24.35ක්. ඉන්දීය තරගාවලියේ දී කාන්තා මීටර් 100 ×4 සහාය දිවීමේ තරගය අවසන් කර සුළු වේලාවකට පසු මීටර් දෙසිය අවසන් තරගයේ දී ද උපරිම දක්ෂතා දැක්වීමට මේධානි සමත්වීම සමත්වීම විශේෂත්වයක් . මෙම ඉන්දීය තරගාවලියේ පිරිමි මීටර් 200 තරගය නියෝජනය කළ කාලිංග කුමාරගේ ද එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා. ඒ සඳහා ඔහු වාර්තා කළ කාලය තත්පර 21.13ක්.

මේ අතර කාන්තා මීටර් 100 ×4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම ද ශ්රී ලංකා කණ්ඩායම ට හිමිවුණා. ඒ සඳහා ඔවුන් ගතකළ කාලය තත්පර 44.55ක්. එම දක්ෂතාවය 2002 වර්ෂය ට පසුව මෙරට ක්රීඩිකාවන් එම ඉසව්වේ දැක්වූ හොඳම දක්ෂතාවය ද වනවා. කාන්තා මීටර් 3,000බාධක දිවීමේ තරගය නිලානි රත්නායක සහ පිරිමි හෙල්ලය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ ද තම ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා .[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top